දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද තරඟයේ දකුණු අප්‍රිකාව ලකුණු 126 යි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-07-13

දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද තරඟයේ දකුණු අප්‍රිකාව ලකුණු 126 යි

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.

ඊයේ දිනයේ ශ්‍රී ලංකාව ලබා ගත් 287ට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකානු කණ්ඩායමට අද ලබා ගත හැකි වුයේ ලකුණු 126ක් පමණයි.

දකුණු අප්‍රිකා කණ්ඩායමේ සාර්ථක වු එකම පිතිකරුවා වුයේ නායක ෆැප් ඩුප් ලෙසි වන අතර ඔහු ලකුණු 49ක් ලබා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී දිල්රුවන් පෙරේරා ලකුණු 46කට කඩුලු 4ක් ද ශ්‍රී ලංකා නායක සුරංග ලක්මාල් ලකුණු 21කට කඩුලු 3ක් ද රංගන හේරත් ලකුණු 39කට කඩුලු 2ක් ද ලක්ෂාන් සදකැන් ලකුණු 18කට 1ක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකාව සිය දෙවන ඉනිම වෙනුවෙන් මේ වන විට පිටියට පිවිස ඇති අතර ඔවුන් මේ වන විට පළමු ඉනිමේ ලකුණු 161ක වාසියක් ඇතැතිවයි පිටියට පිවිස ඇත්තේ.



from Gossip Lanka News & Video https://ift.tt/2uvDK6m
via internet

Post Bottom Ad

Pages