ප්‍රංශය හා ක්‍රොඒෂියා අවසන් මහා සටන සුදුසුකම් ලබයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-07-12

ප්‍රංශය හා ක්‍රොඒෂියා අවසන් මහා සටන සුදුසුකම් ලබයි

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය රුසියාවේ මොස්කව් නුවරදී ඊයේ (11) පැවැත්වුණි.

ඒ, එංගලන්තය සහ ක්‍රොඒෂියාව අතර ය. තරගය ගෝල 2 – 1ක් ලෙස එංගලන්තය පරාජය කළ ක්‍රොඒෂියාව අවසන් මහා තරගයට සුදුසුකම් දිනා ගනු ලැබීය.

ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය 1991 සිට 5 වතාවක් ( 1998,2002,2006, 2014 හා 2018 ) නියෝජනය කර ඇති ක්‍රො ඒෂියාව සිය පාපන්දු ඉතිහාසයේ ලෝක කුසලාන තරඟාවලියක අවසන් තරඟයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වේ.

තරඟයේ 5 වන මිනිත්තුවේදී එංගලන්තයේ කීරන් ට්‍රිපියර් විසින් එංගලන්තය වෙනුවෙන් පළමු ගෝලය රැස් කල අතර ඊට බොහෝ වේලාවකට පසු ක්‍රො ඒෂියාවේ ඉවාන් පෙරිසික් 68 වැනි මිනිත්තුවේදී ලබා ගත් ගෝලය නිසා තරඟය සම්පූර්ණ මිනිත්තු 90න් ඔබ්බට අතිරේක කාලය දක්වා ඇදී ගියේය. එහිදී ක්‍රො ඒෂියාවේ මාරියෝ මැන්ඩ්සුකික් විසින් 109 වන මිනිත්තුවේදී ලබා ගත් ගෝලය ඔවුන්ට ලෝක කුසලාන අවසන් මහා තරඟයට දොරටු විවර කර දුන්නේය.

ඒ අනුව ලබන ඉරිදා (15) පාපන්දු අවසන් මහා තරගය ප්‍රංශය සහ ක්‍රොඒෂියාව අතර පැවැත්වෙනු ඇත.

Post Bottom Ad

Pages