ට්‍රම්ප් ප්‍රථමවරට බ්‍රිතාන්‍යයට යයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-07-13

ට්‍රම්ප් ප්‍රථමවරට බ්‍රිතාන්‍යයට යයි

අමෙරිකා – බ්‍රිතාන්‍ය රාජතාන්ත්‍රික සබදතාවන්ට වසර සියයක් සපුරමින් අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රිතාන්‍යයට පැමිණ තිබේ.

සිව් දින නිල සංචාරයක් සදහා අමෙරිකා ජනාධිපතිවරයා මෙසේ බ්‍රිතාන්‍යයට පැමිණියේය.

ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකා ජනාධිපතිධුරයට පත්වීමෙන් පසුව බ්‍රිතාන්‍යයට පැමිණි පළමු අවස්ථාව මෙය වේ.

ට්‍රම්ප්ගේ බ්‍රිතාන්‍ය සංචාරයට එරෙහිව බොහෝ දෙනා විරෝධතාවන් හි නියලී සිටි බවද වාර්තා වේ.

කෙසේ නමුත් අමෙරිකා ජනාධිපතිවරයා රතු පලස් මතින් පිළිගැනීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ කටයුතු කළේය.

පළමු ලෝක යුද්ධය අවසන් වීමෙන් අනතුරුව 1918 වසරේ දී අමෙරිකා ජනාධිපති වුඩ්රෝ විල්සන් දින කිහිපයක සංචාරයක් සදහා බ්‍රිතාන්‍යයට පැමිණ තිබුණි. අවසන් වරට බ්‍රිතාන්‍ය නිල සංචාරයකට එක්වූ අමෙරිකා ජනාධිපතිවරයා වන්නේ 2016 වසරේ ලන්ඩන් වෙත පැමිණි බරක් ඔබාමා ජනාධිපතිවරයා ය.

Post Bottom Ad

Pages