ප්‍රියයන්ගෙන් වෙන්ව ගිය ප්‍රියානිගේ සමු ගැනීම ප්‍රියානි ජයසිංහ ගායිකාව වෙනුවෙන් දයාන් තැබූ සංවේදී සටහන - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-07-13

ප්‍රියයන්ගෙන් වෙන්ව ගිය ප්‍රියානිගේ සමු ගැනීම ප්‍රියානි ජයසිංහ ගායිකාව වෙනුවෙන් දයාන් තැබූ සංවේදී සටහන

ප්‍රියානි ජයසිංහ ගායිකාව වෙනුවෙන් දයාන් තැබූ සංවේදී සටහන පහතින් ,

ප්‍රියයන්ගෙන් වෙන්ව ගිය ප්‍රියානිගේ සමු ගැනීම ….කඳුළ නිවන්නම් ,සුන්දර හදකට දී පෙම් වරම් ,අළුත් සඳ ඇවිත් යන ගීත ත්‍රිත්වයෙන් ජනප්‍රියත්වට පත් ප්‍රියානි ජයසිංහ ගායිකාව අද බොහෝ දෙනාගේ සෝ සුසුම් මැද අවසන් ගමන් ගියාය .ඇගේ නිසළ දේහය දුටු කළ මට ඇති වුයේ දරා ගත නොහැකි වේදනාවකි .එතරම්ම නිරෝගිව සිටි ඇය මෙසේ දිවියෙන් සමු ගැනීම කෙතරම් අභාග්‍යයක්ද .ඇගේ ජනප්‍රිය ගීත ත්‍රිත්වයම අශෝක කෝවිලගේ කලාකරුවාණන් අතින් රචනා වී සංගීතවත් වූ ගීතයි .අද දින මට ඔහුව මුණ ගැසුණු අතර මා ඔහුට කීවේ ඔබේ ගීත වලින් මෙතරම් ජනප්‍රිය වූ ඇය ඒ ගීත ගායනා කරන්නට ඇත්තේ ඇගේ සදාදර සැමියා සිහිගන්වමින් විය හැකි නේදැයි කියාය .සුන්දර හදකට පෙම් වරම් දී යොවුන් පුතුන් දෙදෙනෙකුට මවකද වී සිඟිති දරුවකුගේ මිත්තණියකද වූ ඇය මෙසේ සිය සැමියා අතින් ඝාතනය වුයේ ඇයිදැයි අද බොහෝ දෙනාට කුකුසකි .එහෙත් ඒ හේතුවලට විසඳුම් සොයන කාලය මෙය නොවේ .ඉතාම අභාග්‍යසම්පන්න ලෙස ඇය මිය ගොසිනි .අප සිතිය යුත්තේ මෙවැනි විපත් මතුවට සිදු නොවීමට වග බළා ගන්නේ කෙසේද යන්නයි .ඇගේ සැමියාට මානසික ආබාධයක් තිබු බවත් ඈ ප්‍රියකරු ලෙස සැරසී සංගීත සංදර්ශන වලට සහභාගී වීමට යන කල ඔහු තුළ හටගත් සියුම් ඊර්ෂ්‍යාව මෙන්ම සැකය යන සිතුවිළි වලින් මඩන ලද ඔහුගේ සිත මෙවන් සැහැසි කමකට ඔහුව පොළඹවා ඇති බව මට දැන ගන්නට ලැබිණ .කෙසේ වෙතත් ඔහු ඇයට බොහෝ සේ ආදරය කර තිබෙන අතර එනමුදු සැකය නැමති චෛතසිකය දියුණු තියුණු වෙමින් කතුරද තව තවත් මුවහත් වෙමින් ඇගේ ගෙළ සිඳ ලන්නට අවසානයේ ඔහු යොමු වී ඇත. .මෙවැනි අවස්ථාවක අප කළ යුත්තේ මෙවැනි මෙවැනි මානසිකත්වයක් ඇති අය නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමයි .නිසි ප්‍රතිකාර ඔහුට කලට වෙලාවට ලැබුණි නම් මෙවන් විපතක් සිදු නොවනු ඇත .බොහෝ පවුල් වල මෙවැනි මානසික ආබාධ වලින් පෙළෙන අය සිටිය හැකිය .ඔවුන්ගේ මානසිකත්වයට අනුව ඔවුන් වඩාත් රුදුරු වන්නේ ඔවුන්ට වඩාත් සොඳුරු අයටයි .ඔහුගේ හිරිහැර වලින් මිදීමට ඇය බණ භාවනා වලටද යොමුවී ඇත .එහෙත් සැබැවින්ම භාවනා කර සිත සන්සුන් කරගත යුතුව තිබුණේ ඔහුයි . ඔහු මේ දරු දෙදෙනා ගැන සිතුවේ නම් මේ දරුවන්ගේ කඳුළු දුටුවේ නම් මෙවැනි සැහැසි ක්‍රියාවක් කිරීමට යොමු නොවනු ඇත .කෙසේ හෝ සියල්ල සිදුවී හමාරය .මේ දරු දෙදෙනාට දැන් මවත් නැත .පියාත් නැත .මින් මතුවට මෙවන් විපත් සිදු නොවන්නට අප සියළු දෙනා වග බළා ගත යුතුමය .ඇයට මතු භව වලදී මෙවන් අකල් මරණයක් කිසිදා සිදු නොවේවා ..අවසන කඳුළු නිවන නිවනින්ම සැනහේවා ….

1 2

 



from Gossip Lanka News & Video https://ift.tt/2Lcgstj
via internet

Post Bottom Ad

Pages