මයිලෝ කුසලාන නෙට්බෝල් ශූරතාවලිය ඇරැඹෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-08-03

මයිලෝ කුසලාන නෙට්බෝල් ශූරතාවලිය ඇරැඹෙයි

ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් සංගමය සහ නෙස්ලේ ලංකා සමාගමේ අනුග්‍රහයෙන් 27 වැනි වරටත් සංවිධාන කරන සමස්ත ලංකා පාසල් මයිලෝ කුසලාන නෙට්බෝල් තරගාවලිය ඊයේ මහනුවර බෝගම්බර පිටියේදී ආරම්භ විය.

කොටස් දෙකක් යටතේ වයස් කාණ්ඩ 4කින් පැවැත්වෙන මේ තරගාවලියට කණ්ඩායම් 460ක් පමණ එක්ව සිටී.

එහිදී ‘ඒ’ කොටස යටතේ අවුරුදු 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ 19න් පහළ තරග පැවැත්වෙන අතර ‘බී’ කොටසින් අවුරුදු 15න් පහළ, 17න් පහළ සහ 19න් පහළ තරග පැවැත්වෙයි. ‘ඒ’ කොටස සඳහා කණ්ඩායම් 370ක් ද, ‘බී’ කොටස සඳහා කණ්ඩායම් 90ක්ද එක්ව සිටී.

තරගාවලියේ සමාරම්භක අවස්ථාවට නාගරික සංවර්ධන හා ජල සම්පාදන රාජ්‍ය ඇමැති ලකී ජයවර්ධන මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ අතර ක්‍රීඩා අමාත්‍යවරයගේ විශේෂ ක්‍රීඩා උපදේශක සුනිල් ජයවීර, නෙස්ලේ ලංකා සමාගමේ උප සභාපතිවරයකු වන බන්දුල එගොඩගේ මහත්වරු ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්වූහ.

අද තරගාවලියේ දෙවැනි දිනය වන අතර හෙටින් මේ තරගාවලිය නිමාවට පත්වෙයි.

 

Post Bottom Ad

Pages