ප්‍රහාරයකින් දිවි ගලවා ගත් වෙනිසුවෙලානු ජනපති - PHOTOS - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-08-05

ප්‍රහාරයකින් දිවි ගලවා ගත් වෙනිසුවෙලානු ජනපති - PHOTOS

වෙනිසුවෙලානු ජනාධිපති නිකලොස් මාධූරෝ ඉලක්ක කර ගුවන් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ප්‍රහාරයෙන් ජනාධිපතිවරයාට කිසිඳු හානියක් සිදුව නොමැති අතර එම උළෙලේ ජනාධිපතිවරයාගේ කතාව එරට රූපවාහිනී නාලිකාවල සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා තිබුණි.

ජනාධිපතිවරයා කැරකාස් අගනුවර පැවති වෙනිසුවෙලානු හමුදාවේ 81 වැනි සැමරුම් උළෙල අමතමින් සිටියදී ඒ අසළ ගොඩනැගිල්ලකට ගුවන් ප්‍රහාරය එල්ල වී තිබුණි.

ප්‍රහාරය එල්ල වීමත් සමග ආරක්ෂක නිලධාරීන් ජනාධිපතිවරයා වහාම ඉන් ඉවත් කිරීමත් සමග සජීවී රූපවාහිනී විකාශය ද නතර වී තිබේ.

සිද්ධියත් සමගම හමුදා උත්තමාචාර උළෙලට එක්ව සිටි පිරිස් සතරඅත දිව යන්නට වූ අතර ප්‍රහාරයෙන් කිසිඳු ජීවිත හානියක් නොවූව ද, හමුදා සෙබළුන් 07 දෙනෙකු තුවාල ලැබිණි.

ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ විපක්ෂ දක්ෂිණාංශික පක්ෂයටයි.

කෙසේ වෙතත්, ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු විසින් භාර ගෙන නැහැ.

හිටපු ජනපති හියුගෝ චාවේස්ගේ අභාවයෙන් පසු 2013 වසරේ මාර්තු 5 වැනිදා නිකලොස් මාධූරෝ වෙනිසුවෙලාවේ ජනපති ධූරයට පත්විය.

2015 වසරේදී යළි බලයට පත්වූ මාධූරෝ වෙනිසුවෙලාවේ බලය නැවත තහවුරු කරගත්තේ පසුගිය මැයි මාසයේ පැවති ජනාධිපතිවරණයෙනි.

එහෙත් මැතිවරණය වංචා සහගත බැවින් ප්‍රතිඵලය පිළිගත නොහැකි බවට එරට විපක්ෂය චෝදනා කළේය.

ඔහු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ද රටවැසියන්ගෙන් ආණ්ඩුවට එරෙහිව දැඩි විරෝධතා මතුවෙමින් තිබියදී ය.

 

 

Post Bottom Ad

Pages