තායිවානයේ දුම්රියක් පීලි පැනීමෙන් 18ක් ජීවිතක්ෂයට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-22

තායිවානයේ දුම්රියක් පීලි පැනීමෙන් 18ක් ජීවිතක්ෂයට

තායිවානයේ දුම්රියක් පීලි පැනීමකින් සිදුවූ අනතුරෙන් මගීන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 
 
තායිවානයේ යිලාන් ප්‍රදේශයේ දී අනතුර සිදුව ඇත්තේ ඊයේ(21) සවස් කාලයේ දී ය. 
 
අනතුර සිදුවන අවස්ථාවේ දුම්රියේ මගීන් 366 දෙනෙකු ගමන් කරමින් සිට ඇතැයි සදහන් වේ. ඉන් පුද්ගලයන් 187 දෙනෙකු තුවාල ලබා තිබේ.
 
දුම්රිය තායිපේ සිට ටයිටුන් නගරය දක්වායි ගමන් කරමින් තිබුණු එකකි. වසර 27කට පසුව තායිවානයේ සිදුවූ දරුණුතම දුම්රිය අනතුර මෙය බව ද වාර්තාවේ.
 
මිය ගිය අය අතර කුඩා දරුවන් තිදෙනෙක් ද සිටින බව සදහන් වේ.
 

Post Bottom Ad

Pages