පාරමීට නව නිවාස 2ක් නිවාස ඇමැතිගෙන් පොරොන්දුවක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-22

පාරමීට නව නිවාස 2ක් නිවාස ඇමැතිගෙන් පොරොන්දුවක්

යොවුන් ඔලිම්පික් පදක්කම්ලාභිනී පාරමී වසන්ති මාරිස්ටෙලාට නිවාස දෙකක් අලුතින් දීමට සහ ඇය දැනට ජීවත් වන නිවස අලුත්වැඩියා කර දීමට නිවාස ඇමැති හා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පොරොන්දු වී තිබේ.

ඊයේ (21 ) පෙරවරුවේ මේ ක්‍රීඩිකාවට දුරකතනයෙන් කතා කළ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා කොළඹ ප්‍රදේශයෙන් හා පුත්තලම දිස්ත්‍රික්කයෙන් හෝ ඒ අවටින් නිවසක් ලබා දීමටත් මීට අමතරව ඇය දැනට ජිවත් වන නිවස නිවාස සංවර්ධන අධිකාරිය හරහා අලුත්වැඩියා කර දීමටත් පොරොන්දු වී තිබේ.

මේ පණිවිඩය රැගෙන වාරිමාර්ග ජලකළමනකරණ හා අපදා කළමනාකරණ ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා ඊයේ පෙරවරුවේම පාරමීගේ නිවසට පැමිණියේය. මිට අමතරව ඇගේ ක්‍රීඩාවට හා අධ්‍යාපනයට අවශ්‍ය සහය ලබා දීමට ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා ද පොරොන්දුවී තිබේ.

ඇය දැනට පදිංචි නිවස අලුත්වැඩියා කිරීමේ කටයුතු හා ඊට අවශ්‍ය මැනුම් කටයුතු ඊයේ දිනයේම ආරම්භ කළ අතර ඇයට ලබා දීමට පොරොන්දු වූ නිවාස භාර දීම මේ මස 30 වන දින කරුවලගස්වැව නිවස ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයේදී සිදු කිරීමට නියමිත බව ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසීය.

මේ අවස්ථාවට නිවාස සංවර්ධන අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික්කයේ නිලධාරින්ද සහභාගීවූහ.

පුත්තලම දිසා සමූහ
ඡායාරූප - පුත්තලම දිසා සමූහ 

Post Bottom Ad

Pages