තිසරගේ නායකත්වයෙන් විස්සයි20 පිල නම් කරයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-23

තිසරගේ නායකත්වයෙන් විස්සයි20 පිල නම් කරයි

Author(s): 
ෆවුස් මොහොමඩ්

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව මේ මස 27 වැනිදා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන විස්සයි20 තරගය සඳහා නම් කළ ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට පළමුවරට යොවුන් තුන්ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් කැඳවීමට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගත්තේය.

ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ පූර්ණ අනුමැතිය යටතේ නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට තුන්ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා පත් කර තිබේ. පසුගිය වසරේ පාකිස්තානයට එරෙහිව පාකිස්තානයේ පැවැති විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස කටයුතු කළ තිසර පෙරේරා යළි නායකත්වයට පත් කර ඇත්තේ හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස් ඉවත්වීමෙන් පසුවය. එංගලන්තයට එරෙහි එක්දින තරගාවලියෙන් ඉවත් කළ හිටපු නායකයා විස්සයි20 තරගයෙන්ද ඉවත් කර තිබේ.

විස්සයි20 කණ්ඩායමට එක්වූ 20 හැවිරිදි කමිඳු මෙන්ඩිස් අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරීය. දෙඅතින්ම පන්දු යැවීමේ හැකියාව ඇති කමිඳු ගාල්ල රිච්මන්ඩ් විදුහලෙන් බිහිවූ විශිෂ්ට ක්‍රීඩකයෙකි. මීට අමතරව ආබාධයක් හේතුවෙන් එංගලන්තය සමග පැවැති එක්දින තරගාවලියෙන් ඉවත්වූ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා යළි කණ්ඩායමට එක්වී සිටින අතර ඉසුරු උදානට ද කණ්ඩායමේ ස්ථානයක් හිමිවී තිබේ.

ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායම මෙසේය - තිසර පෙරේරා (නායක), දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, දසුන් ශානක, කමිඳු මෙන්ඩිස්, ඉසුරු උදාන, ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර, අකිල ධනංජය, කසුන් රාජිත, නුවන් ප්‍රදීප්, ලක්ෂාන් සඳකැන්.අතිරේක - අමිල අපෝන්සු, සධීර සමරවික්‍රම, ශෙහාන් මධුසංඛ, ශෙහාන් ජයසූරිය

Post Bottom Ad

Pages