ශ්‍රී ලංකා යොවුන් පිල 219/9යි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-24

ශ්‍රී ලංකා යොවුන් පිල 219/9යි

සංචාරක බංග්ලාදේශ අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමග ඊයේ කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වු දෙවැනි සිවුදින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 219ක් රැස් කළේය.

එහිදී නවෝද් පරණවිතාන ලකුණු 79ක් සහ කමිල් මිෂාර ලකුණු 52ක් ඉනිමට එක් කළහ. පන්දු යැවීමේදී ශහින් අලාම් ලකුණු 37කට කඩුලු 5ක් දවාගත් අතර ටව්හිඩ් හිර්දොයි කඩුලු 2ක් බිඳ දැම්මේය.

අද තරගයේ දෙවැනි දිනයයි.

 

Post Bottom Ad

Pages