පාරමීට හා පුහුණුකරුට කෙන්යාවේ පුහුණුවක් මසකට 25000 බැගින් දීමනාවක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-27

පාරමීට හා පුහුණුකරුට කෙන්යාවේ පුහුණුවක් මසකට 25000 බැගින් දීමනාවක්

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ආර්ජන්ටිනාවේ පැවැති යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී බාධක දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත් පාරමී වසන්ති මාරිස්ටෙලාගේ ඉදිරි ක්‍රීඩා කටයුතු වෙනුවෙන් විශේෂ වැඩසහටනක් ආරම්භ කිරීමට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පියවර ගෙන ඇත.

කුලියාපිටිය මධ්‍ය මහා විදුහලේ ආදි සිසු පිරිසක් හා මව්පියන් සමග පාරමී වසන්ති ඊයේ අධ්‍යාපන අමාත්‍යාංශයේදී පිළිගැනීමෙන් අනතුරුව ඇමැතිවරයා මේ බව පැවැසීය. ඇයට ‘ලැප්ටොප්‘ පරිගණකයක් පිරිනැමීම ද ඇමැතිවරයා අතින් සිදුවිය.

ඇයට මේවන විටත් ලබා දෙන ශිෂ්‍යත්ව අරමුදලට අමතරව පුහුණුකරු ජනිත් ජයසිංහ මහතාට හා පාරමී වසන්තිට වසර 06 ක් යනතුරු මාසිකව රු.25,000/- බැගින් පොෂණ දීමනාවක් ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

මේ වසරේදී පාරමී වසන්තී අ.පො.ස. (සා.පෙළ) විභාගයට ඉදිරිපත්වන බැවින් ඉන් අනතුරුව කෙන්යාවේ මලල ක්‍රීඩා පුහුණුවක් ලබාදීමටත් අවශ්‍ය කටයුතු සලසන ලෙස ඇමැතිවරයාගේ ක්‍රීඩා උපදේශක සුනිල් ජයවීර මහතාට දැනුම්දී ඇත. වයසින් අඩු ක්‍රීඩිකාවක් බැවින් පාරමී සමග ඇයගේ සොහොයුරිය කෙන්යාවට යැවීමේ හැකියාව සොයා බලන ලෙස ද ඇමැතිවරයා පැවැසූ බව ජයවීර මහතා ‘දිනමිණ‘ ට පැවැසීය.

Post Bottom Ad

Pages