දහදිය සිත්තම වැඩකරන ජනතා කලා උළෙල ඔක්තෝබර් 26 හා 27 යන දෙදින පුරා . - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-25

දහදිය සිත්තම වැඩකරන ජනතා කලා උළෙල ඔක්තෝබර් 26 හා 27 යන දෙදින පුරා .

Dahadiya Siththama NEWS 2011

දහදිය සිත්තම වැඩකරන ජනතා කලා උළෙල ඔක්තෝබර් 26 හා 27 යන දෙදින පුරා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන පරිශ‍්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 

රාජ්‍ය, පෞද්ගලික හා වතු ක්‍ෂෙත‍්‍රයන් හි ලක්‍ෂ සංඛ්‍යාත වැඩකරන ජනතාවගේ නිර්මාණශීලි කුසලතාවයන් එකම වේදිකාවක ඇගැයීමට ලක්කරන ලංකාවේ එකම කලා උළෙල දහදිය සිත්තම කලා උළෙලයි. මෙවර විශේෂාංග රැසක් සහිතව උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවතී.

‘‘සියලූ කලාවන් හි උල්පත වූ ශ‍්‍රමයේ උරුමය සොයා පියනගන සෞන්දර්යාත්මක විකල්ප වේදිකාව’’ තේමා කර ගනිමින් මිනිසුන්ට අහිමි කර ඇති සංස්කෘතික ජීවිතයේ යළි උරුම කර දීම සඳහා රසවින්දනයට පමණක් සීමා වූ නිර්මාණ භාවිතයකට එහා යමින් බුද්ධිමය නිම්වළලූ පුළුල් කළ හැකි කලා සාහිත්‍ය භාවිතයක් ලාංකීය භූමිය තුල නිර්මාණය කිරීම දහදිය සිත්තම කලා උළෙලේ අරමුණ වේ.

දෙදින වැඩසටහන

ඔක්තෝබර් 26     පෙ.ව. 9.00 ට සමාරම්භක උත්සවය

සාහිත්‍ය හා කලාකරුවන්, වෘත්තීය සමිති නායකයින්, ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් ඇතුලූ පිරිසගේ සහභාගිත්වයෙන්
පෙ.ව. 11.00     ජංගම දුරකථන කෙටි චිත‍්‍රපට උළෙල
ප.ව. 2.00      දහදිය සිත්තම කෙටි නාට්‍ය උළෙල

ඔක්තෝබර් 27    පෙ.ව. 10.00 ට ‘‘සංස්කෘතික ජීවිතයක් පිණිස සංකල්පීය රචනා දර්ශ’’
සාහිත්‍ය කෘතිය එළිදැක්වීම
ගුණසේන විතාන,  සාහිත්‍යවේදි ටෙනිසන් පෙරේරා, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි  ඇතුලූ කලාකරුවන්ගේ ප‍්‍රධානත්වයෙන්

ප.ව. 2.00 ට     ත්‍යාග සහතික සම්මාන ප‍්‍රදාන උළෙල හා සංස්කෘතික ප‍්‍රසංගය
ප‍්‍රවීණ සාහිත්‍යවේදීන් හා කලාකරුවන් ඇතුලූ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්තගේ ප‍්‍රධානත්වයෙන්

The post දහදිය සිත්තම වැඩකරන ජනතා කලා උළෙල ඔක්තෝබර් 26 හා 27 යන දෙදින පුරා . appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages