පී.එම්.පත්මසූරිය අගලවත්ත සමූහ
ශ්රී ලංකා සවි එසවීමේ සංමේලනයේ මෙහෙයවීමෙන්, වාද්දුව ශක්ති ක්රීඩා සමාජය සංවිධානය කල සමස්ත ලංකා ශක්ති සවි එසවීමේ තරගාවලියේදී නව ශ්රී ලංකා වාර්තා පහක් පිහිටු වීමට ජයග්රාහක ජයග්රාහිකාවන් සමත් වූහ.
ඒ අනුව එන්.ජේ.කේ. දිල්රුක්ෂි: ( වාර්තාව. කි.ග්රෑ. 117.5 කි.), හර්ෂිණී අයේෂිකා පීරීස්: (වාර්තාව. කි.ග්රෑ. 112.5 කි), එස්.කේ. එස් ප්රදීප්: ( වාර්තාව කි.ග්රෑ. 193 කි.), ධනුෂ්ක කොඩිකාර: ( වාර්තාව කි.ග්රෑ. 252.5 ), සුරිකාත් නූර් (නව ශ්රී ලංකා වාර්තා තුනක්) විසින් පිහිටුවනු ලැබූහ.
බණ්ඩාරගම මෛත්රී ශාලාවේදී පැවැත්වූ මෙම තරගාවලිය සදහා බර ඉසිලීමේ පුහුණුකරු හා
උපදේශක අයි.පී. එන්. නන්දසේන මහතාෙග් සම්මේලන තේරීම් කමිටු සභාපති චින්තක කුරේ මහතාෙග්
සහභාගිත්වයෙන් පැවති තරගාවලියේ සෙසු ජයග්රාහක ජයග්රාහිකාවන් මෙසේය.
කාන්තා තරග ප්රතිඵල.
කි.ග්රෑ. 47 බර පංතිය - පළමුවන ස්ථානය: වනිසූරිය, කි.ග්රෑ. 52 බර පංතිය- පළමු ස්ථානය: එන්.ජේ.කේ. දිල්රුක්ෂි, දෙවන ස්ථානය: එච්.ඉදුනිල් උදානී ද සිල්වා, කි.ග්රෑ. 57 බර පංතිය - පළමු ස්ථානය: හෂිනි අයේෂිකා පීරීස්, දෙවන ස්ථානය: එස්.සමරසිංහ, කි.ග්රෑ. 63 බර පංතිය - පළමු ස්ථානය: ගයානි ගීතාකා රන්දුණු, දෙවන ස්ථානය: ආර්.එම්.කුමාරි, තෙවන ස්ථානය: ආර්. රත්නායක,
කි.ග්රෑ. 72 බර පංතිය - පළමු ස්ථානය: එම්.ඩී.සොයිසා. දෙවන ස්ථානය: ඉන්දිවරි නර්තනා හපුගොඩ, තෙවන ස්ථානය: එල්.කේ. එස්. නතාෂා සිල්වා, කි.ග්රෑ. 84 බර පංතිය - ප්රථම ස්ථානය: ලක්ෂ්මි කුමාරි ඩයස්. දෙවන ස්ථානය: දුලාංජලී සුබසිංහ, කි.ග්රෑ. 84 ඉහළ. බර පංතිය - පළමු ස්ථානය: එම්. එම්. ධම්මික හරිස්චන්ද්ර, දෙවන ස්ථානය: එස්.සී. මිනෝලි ක්රිස්ටීන්, තෙවන ස්ථානය: එම්. තුෂාරිකා නදීශානි, හොඳම සවි ඔසවන්නිය කාන්තා: එන්.ජේ.කේ. දිල්රුක්ෂි කොළඹ සවි එසවීමේ සමාජය
පිරිමි තරඟ ප්රතිඵල
කි.ග්රෑ. 59 බර පංතිය - පළමු ස්ථානය - එස්.කේ. එස්. ප්රදීප්, දෙවන ස්ථානය - සුරේන් පෙරේරා.
කි.ග්රෑ. 66 බර පංතිය - පළමු ස්ථානය: ඊ. ජානක, දෙවන ස්ථානය: එස්.ඒ. නාවීන් මධුවන්ත, කි.ග්රෑ. 74 බර පංතිය - පළමු ස්ථානය: සුරිකත් නූර්, දෙවන ස්ථානය: . අයි.එල්. චතුර කුමාර -තෙවන ස්ථානය: ඩී.එච්.එම්.ඒ. කුමාර, කි.ග්රෑ. 83 බර පංතිය - පළමු ස්ථානය: එම්.බී.සී. මෙන්ඩිස්, දෙවන ස්ථානය:කේ.එම්.අයි.ල.එල්. විජේවීර,තෙවන ස්ථානය: බී.ආර්. සේනාරත්න. කි.ග්රෑ. 93 බර පංතිය - පළමු ස්ථානය: ඒ. ඩී. කොඩිකාර, දෙවන ස්ථානය: එම්. එම්. අයි. ධනුන්සූරිය, තෙවන ස්ථානය: ජී. එච්. ජේ. ප්රනාන්දු, කි.ග්රෑ. 105 බර පංතිය - පළමු ස්ථානය: ඉන්දික පරණගම, දෙවන ස්ථානය: එම්. ඩී.එම්.සේනක , තෙවන ස්ථානය: ඩබ්. විකුම් පෙරේරා.කි.ග්රෑ. 120 බර පංතිය -
පළමු ස්ථානය: රන්සිළු ජයතිලක, දෙවන ස්ථානය: ජේ.ඒ.ඒ. එස්. ජයරත්න තෙවන ස්ථානය: ආර්. විමලසූරිය, කි.ග්රෑ. 120 සහ ඉහළ බර පංතිය - පළමු ස්ථානය: ඩී. වීරසිංහ, දෙවන ස්ථානය: ටී. ධනුෂ්ක ප්රනාන්දු.
No comments:
Post a Comment