වසර 5කට පසු රත්නම් පිල චැම්පියන් ලීග් පාපන්දු ජයක් ලබයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-29

වසර 5කට පසු රත්නම් පිල චැම්පියන් ලීග් පාපන්දු ජයක් ලබයි

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ඩයලොග් චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේ ගුවන් හමුදාව හා රත්නම් අතර පැවැති තරගයෙන් රත්නම් ක්‍රීඩා සමාජය ගෝල් 1-0කින් ජය ලබයි. කොළඹ සී. ආර්. පිටියේ පැවැති ගුවන් - රත්නම් තරගයේ පළමු භාගයේදී ගෝල් වාර්තා නොවූ අතර තරගයේ 50 වැනි මිනිත්තුවේදී රත්නම් පිලට ක්‍රීඩා කරන අයිවරි කොස්ට් ජාතික කාලෝ ඩයිඩර් අගනා ගෝලයක් වාර්තා කොට රත්නම් පිලට ජය මාවත විවර කළේය.

රත්නම් ක්‍රීඩා සමාජය වසර 5කට පසු අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම තරගාවලියට පිවිසි අතර ඔවුන් පසුගිය වසරේ ප්‍රීමියර් ලීග් පළඹු පෙළ පාපන්දු ශූරතාව දිනා උසස්වීමක් ලැබීය. අවසන් වරට වසර 2013දී රත්නම් ක්‍රීඩා සමාජයේ අනුග්‍රාහකත්වයේ ප්‍රශ්නයක් මතුවීමෙන් චැම්පියන් ලීග් තරගාවලියට එක් නොවූහ.

මේ හේතුව මත රත්නම් ක්‍රීඩා සමාජයට ඊළග වසරේ ප්‍රධානතම පාපන්දු තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවසරය පාපන්දු සම්මේලනය ලබා නොදුනි. එයින් පසු නැවැත ප්‍රධාන තරගාවලියට පැමිණියේ ප්‍රීමියර් ලීග් පාප්නදු තරගාවලියේ ශූරයින්වීමෙන් අනතුරුවය.

කොළඹ පිලට 4-3ක ජයක්

පසුගිය ශූර කොළඹ පාපන්දු සමාජය ගෝල් 4-3කින් අප් කන්ට්‍රිලයන්ස් පිල පරාජය කරයි. කැළණිය පාපන්දු සංකීර්ණ ක්‍රීඩා පිටියේ පැවැති තරගයේදී කොළඹ පාපන්දු සමාජයට ඉතා තියුණු තරගයක්දීමට අප්කන්ට්‍රි ලයන්ස් පිල සමත්වීම කැපී පෙණුනි. තරගයේ පළමු භාගයේදී ගෝල් 2-1ක් ලෙස කොළඹ පාපන්දු පිල ඉදිරියෙන් සිටි අතර මොහොමඩ් ආකිබ් හා මොහොමඩ් ෆසාල් කොළඹ පාපන්දු සමාජය වෙනුවෙන් හා ජී. ආර්. මනූජ අප්කන්ට්‍රි ලයන්ස් වෙනුවෙන් ගෝල් රැස් කළහ. අනතුරුව කොළඹ පිල වෙනුවෙන් දෙවැනි භාගයේදී නයිජීරියානු ක්‍රීඩක බොඩ්රික්ස් දිමිත්‍රී ගෝල් දෙකක් වාර්තා කරද්දී අප්කන්ට්‍රි ලයන්ස් පිල වෙනුවෙන් තරගයේ 85 හා 89 මිනිත්තුවලදී දිනේෂ් අඹේරත්න ගෝල් දෙකක් වාර්තා කොට තියුණු සටනකට එළැඹුණි. කෙසේ වුවද අවසන් මිනිත්තු කිහිපයේදී කොළඹ පාපන්දු පිලේ ආරක්ෂක වලල්ලේ දක්ෂතා මත අප්කන්ට්‍රි ලයන්ස් පිලට තරගය සම කිරීමට හෝ ජය ලබා ගැනීමේ අවස්ථා හිමි නොවුණි.

රිනවුන්ට විශිෂ්ඨ ජයක්

බැද්දගාන පාපන්දු සංකීර්ණයේ පැවැති රිනවුන් - පෙළිකන්ස් අතර තරගයේදී රිනවුන් පිල ගෝල් 4-1කින් ජයග්‍රහණය වාර්තා කළේය. තරගය ආරම්භ කොට මිනිත්තු 7ක් ගෙවෙද්දී දිලිප් සුරාජ් ගෝලයක් වාර්තා කළ අතර, තරගයේ පළමු භාගයේදීම නයිජීරියානු ක්‍රීඩක අයි. ඕ. ජිමෝෂ් තවත් ගෝල් 3ක් රිනවුන් පිලට එක් කළේය. මේ හේතුවෙන් රිනවුන් පළමු භාගයේදී ගෝල් 4-0ක් ලෙස ඉදිරියෙන් සිටියේය.

තරගයේ 88වැනි මිනිත්තුවේදී පෙළිකන්ස් පිලේ කොබිනා ගොඩ්ෆ්‍රෙඩ් ගෝලයක් වාර්තා කිරීමට සමත් විය.

 

Post Bottom Ad

Pages