සංතුෂ්ගෙන් කඩුලු 6ක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-31

සංතුෂ්ගෙන් කඩුලු 6ක්

සාන්ත පීතර විදුහලත් කඳාන ද මැසනොඩ් විදුහලත් අතර බම්බලපිටියේ පැවති අන්තර් පාසල් අවුරුදු 19 න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගයෙන් ද මැසනොඩ් විදුහල පළමු ඉනිමේදී ලකුණු 46 ක් ඉදිරියෙන් සිටීමට සමත්විය. පළමුවෙන් පන්දුවට මුහුණ දුන් ද මැසනොඩ් විදුහල ලකුණු 163 ක් වාර්තා කළ අතර එහිදී සෙනේශ් ප්‍රනාන්දු ලකුණු 68 ක් ලබා ගත්තේය.

මෙහිදී අනගි පන්දු යැවීමක නිරත වූ ශාන්ත පීතර විදුහලේ පසුගිය වසරේ නායක සහ ශ්‍රී ලංකා 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජික සන්තුෂ් ගුණතිලක ලකුණු 5 කට කඩුලු 6 ක් දවා ගැනීමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශාන්ත පීතර විදුහල ලකුණු 118 කට දැවී ගිය අතර තරගය නතර කරන විට ද මැසනොඩ් විදුහල ලකුණු 125 කට කඩුලු 5 ක් වාර්තා කර තිබිණි.

ද මැසනොඩ් විදුහල පළමු ඉනිම - 163 (ඕවර 53.2) සෙනේශ් ප්‍රනාන්දු 68, නදුන් දුල්ශාන් 33, මාක් මතායස් නොදැවී ලකුණු 32 (සන්තුෂ් ගුණතිලක 5/6, රුවින් සෙනෙවිරත්න 47/2) සහ දෙවැනි ඉනිම 125/5 -යි. සාලිය ජූඩ් 34, සෙනේශ් ප්‍රනාන්දු 34 (රුවින් සෙනෙවිරත්න 48/2)

සාන්ත පීතර විදුහල - 117 (ඕවර 36.5 ) ශිවාන් පෙරේරා 40, විනූද ලියනගේ 33(අසිත සිල්වා 21/3, මාක් මතායස් 25/3, සිහින සිතුමිණ 10/2)

ඩිල්වින් මෙන්ඩිස් මොරටුව ක්‍රීඩා

Post Bottom Ad

Pages