ශ්‍රී පාලි විදුහලට පළමු ඉනිමේ ජයක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-22

ශ්‍රී පාලි විදුහලට පළමු ඉනිමේ ජයක්

හෙරණ ශ්‍රීපාලි විදුහල සහ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය අතර කෝට්ටේ පැවැති අන්තර් පාසල් අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව කෙලවර වූ අතර පළමු ඉනිමේ ජය ශ්‍රී පාලි විදුහල සතුවිය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී පාලි විදුහල පළමු ඉනිමට ලකුණු 149ක් වාර්තා කළ අතර එහිදී කවිඳු හිමන්ත ලකුණු 86ක් ලබා ගැනීමට සමත් විය. ආනන්ද ශාස්ත්‍රාලයට පළමු ඉනිමේදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 134ක් පමණි. පන්දු යැවීමේදී දිනුක් වන්නිආරච්චි කඩුලු 6ක් සහ චමත් චමුපති කඩුලු 3ක් දවා ගැනීමට සමත්වූහ.

දෙවැනි ඉනිමේදී ශ්‍රී පාලි විදුහල ලකුණු 141ක් වාර්තා කළ අතර එහිදී විනුක් හෙට්ටිආරච්චි ලකුණු 12කට කඩුලු 6ක් බිඳ හෙළීය. ජයග්‍රහණය සඳහා ලකුණු 157ක ඉලක්කයක් හඹාගිය ආනන්ද ශාස්ත්‍රාලයට තරගය නතර කරන විට ලබාගත හැකි වූයේ කඩුලු 8කට ලකුණු 118ක් පමණි. අවිශ්ක දිල්ශාන් ලකුණු 53ක් වාර්තා කළ අතර චමත් චමුපති කඩුලු 5ක් දවාගත්තේ මුළු තරගයේම ලකුණු 45කට කඩුලු 8ක් ලෙසිනි.

ශ්‍රී පාලි පළමු ඉනිම - 149. කවිඳු හිමන්ත 86, දිල්ශාන් අලුත්ගේ 25 (අභිලාශ් වෙල්ලාලගේ 42/4, සදීශ යසිරු 24/2, ඉෂාන් ආදිත්‍ය 27/2) සහ දෙවැනි ඉනිම - 141. දුමිඳු ලක්ෂාන් 37, දුලාර රන්සිළු 21 (විනුක් හෙට්ටිආරච්චි 12/6)

ආනන්ද ශාස්ත්‍රාල පළමු ඉනිම - 134. , අභිලාෂ් වෙල්ලාලගේ 28, ඉසුරු අවින්ද 24 (දිනුක් වන්නිආරච්චි 53/6, චමත් චමුපති 25/3) සහ දෙවැනි ඉනිම - 118/8. අවිශ්ක දිල්ශාන් 53 (චමත් චමුපති 20/5, කවිඳු නිමන්ත 23/2)

ඩිල්වින් මෙන්ඩිස් මොරටුව ක්‍රීඩා

 

Post Bottom Ad

Pages