ජාතික කනිෂ්ඨ නෙට්බෝල් ශූරතාව දෙහිවල නෙට්ෆයර් පිල දිනයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-31

ජාතික කනිෂ්ඨ නෙට්බෝල් ශූරතාව දෙහිවල නෙට්ෆයර් පිල දිනයි

ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමය මඟින් මෙහෙයවනු පේරාදෙනිය විශ්වවිද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැති ජාතික කනිෂ්ඨ නෙට්බෝල් තරගාවලියේ ශූරතාව කැම්බල් ක්‍රීඩා සමාජය ලකුණු 62-33ක් ලෙස පරාජයට පත්කළ දෙහිවල නෙට්ෆයර් කණ්ඩායම දිනා ගනියි. සෙනරත් බණ්ඩාර මහතාගේ පුහුණුකාරීත්වය යටතේ තරග බිමට පිවිසි දෙහිවල නෙට්ෆයර් කණ්ඩායම තරගයේ ආරම්භයේ සිටම ඉදිරියෙන් සිටියේය.

අවසන් පූර්ව වටයේදී දෙහිවල නෙට්ෆයර් කණ්ඩායම ලකුණු 57-26ක් ලෙස ගාල්ල ඒකාබද්ධ කණ්ඩායම පරාජය කළ අතර කැම්බල් ක්‍රීඩා සමාජය ලකුණු 66-15ක් ලෙස මාතලේ ඒකාබද්ධ කණ්ඩායම පරාජය කළේය.

ජාතික කනිෂ්ඨ නෙට්බෝල් තරගාවලියේ අනු ශූරතාව දිනාගත් කැම්බල් ක්‍රීඩා සමාජය චම්පා ප්‍රසාදි අල්විස් මහත්මියගේ පුහුණුකාරීත්වය යටතේ ක්‍රීඩා කළේය.

තුන්වන ස්ථානය සඳහා පැවති තරගයේදී ඉනෝකා සේනාධීර මහත්මියගේ පුහුණුකාරීත්වය යටතේ තරග කළ මාතලේ ඒකාබද්ධ කණ්ඩායම පරදා ඩේලියා ද සිල්වා මහත්මියගේ ගාල්ල ඒකාබද්ධ කණ්ඩායම විසින් ලකුණු 46-32ක් ලෙස ජයග්‍රහණය කරන ලදී.

මේ තරගාවලියේ මූලික වටය නාවලපිටිය හා බණ්ඩාරගම යන ගෘහස්ථ ක්‍රීඩාගාරවලදී පැවැත්විණි. සියළුම තරග ජාත්‍යන්තර මට්ටමෙන් ජාත්‍යන්තර කාල සීමාවන් යටතේ පැවැත්වීම මෙහිදී කැපී පෙණුනි.

අවසන් මහ තරඟ හිටපු මධ්‍යම පළාත් මන්ත්‍රීනි ශාන්තිනී කෝන්ගහගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමයේ සභාපති ට්‍රික්සි නානායක්කාර මහත්මියගේ හා එහි ලේකම් ජයන්ති සෝමාසේකරන් මහත්මියගේ පූර්ණ අධීක්ෂණය යටතේ සංවිධානය කර තිබිණි.

ප්‍රින්ස්

Post Bottom Ad

Pages