මිනිස් වෙළදාම්කරුවන්ට එරෙහි නීති දැඩි වේ. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-26

මිනිස් වෙළදාම්කරුවන්ට එරෙහි නීති දැඩි වේ.

Human_Traffiker

මිනිස් වෙළදාමේ යෙදෙන විදේශ රැකියා නියෝජිතායතන වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන  ‌ලෙස විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු  සහ නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර,  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයට උපදෙස් ලබාදී ඇත.

මේ සම්බන්ධයෙන් කාර්යාංශය චක්‍රලේඛ මගින් බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන දැනුවත් කර ඇති අතර එවැනි මිනිස් වෙළදාමේ යෙදෙන විදේශ රැකියා නියෝජිත ආයතනයන්හී බලපත්‍ර අවලංගු කිරීමට ද කටයුතු කරන ලෙස ඒ අනුව නියෝග කර තිබේ.

වංචනික ලෙස අයතා ක්‍රම භාවිතා කරමින් විදේශ රැකියා සඳහා යොමු කර ශ්‍රමය සූරාකෑම, ලිංගික සූරාකෑම හෝ අවයව ලබා ගැනීම සිදු කරයි නම් එය මිනිස් වෙළඳාම යටතට ගැනෙන ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 360 (ඇ) වගන්තියට අනුව බරපතල දඩුවම් ලැබිය හැකි වරදකි.

කාර්යාංශයේ ස්ථාපිත කර ඇති මිනිස් වෙළදාම මැඩලීමේ ඒකකයට 2018 වසරේ ජනවාරි සිට ඔක්තෝම්බර් දක්වා කාලය තුළ පැමිණිලි 29ක් ලැබී ඇති අතරඉන් 12ක් අපරාධ විමර්ශන ඒකකයට යොමුකර ඇත. තවත් පැමිණිලි 15ට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සදහා කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට යොමුකර ඇති අතරසමථ අංශය වෙත පැමිණිලි 2ක් යොමුකර තිබේ.

The post මිනිස් වෙළදාම්කරුවන්ට එරෙහි නීති දැඩි වේ. appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages