මොරටු විදුහලට ඉනිමක ජයක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-22

මොරටු විදුහලට ඉනිමක ජයක්

අන්තර් පාසල් අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ මීගමුව මාරිස්ටෙලා විදුහල සමග පැවැති තරගයෙන් ඉනිමක සහ ලකුණු 41ක ජයක් අත්කර ගැනීමට මොරටු විදුහල් ක්‍රීඩකයෝ සමත් වූහ.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් මොරටු විදුහල් ක්‍රීඩකයෝ පළමු ඉනිමට ලකුණු 225ක් රැස්කළ අතර මාරිස්ටෙලා විදුහල පළමු ඉනිමේදී සියල්ලන් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 25ක් පමණි. ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 200 පසුපසින් දෙවැනි ඉනිම ඇරැඹු මාරිස්ටෙලා පිල ලකුණු 159කට දැවී ගියේ මොරටු විදුහලට ඉනිමක ජයක් අත්කර දෙමිනි.

ජයග්‍රාහී මොරටු විදුහල වෙනුවෙන් නිශාන් මධුෂ්ක ලකුණු 121ක් රැස්කළ අතර පන්දු යැවීමේදී නිරාජ් කවිෂ්ක මාරිස්ටෙලා පළමු ඉනිමේදී ලකුණු 2කට කඩුලු 6ක් සහ එරාන් හසංමාල් දෙවැනි ඉනිමේදී ලකුණු 48කට කඩුලු 7ක් දවා ගනිමින් දස්කම් දැක්වූහ.

මොරටු විදුහල් පළමු ඉනිම - 225 (ඕවර 52.1) නිෂාන් මධුෂ්ක 121, නදිත් නිෂේන්ද්‍ර නොදැවී 39 (රවිඳු ප්‍රනාන්දු 64/4, ප්‍රමෝද් ප්‍රනාන්දු 22/2, පසිඳු උෂෙට්ටි 67/2)

මාරිස්ටෙලා පළමු ඉනිම - 25 (ඕවර 11.1) (නිරාජ් කවිෂ්ක 2/6, නදිත් නිෂේන්ද්‍ර 21/3) සහ දෙවැනි ඉනිම - 159 (ඕවර 57.3) චතුර අනුරාධ 37, කවීන් පෙරේරා 37 (එරාන් හසංමාල් 48/7, රෂාන් කවිෂ්ක 26/2)

සහිරා පළමු ඉනිම දිනයි

කදාන ද මැසනෝද් විදුහල සමග පැවැති පළමු කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජය හිමිකර ගැනීමට කොළඹ සහිරා විදුහල සමත් විය.

කොළඹ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් මැසනෝද් විදුහල ලකුණු 180කට සීමාකළ සහිරා විදුහල පළමු ඉනිම සඳහා කඩුලු 7ක් දැවී ලකුණු 207ක් රැස් කළේය.

මැසනෝද් විදුහල් පළමු ඉනිම - 180 (ඕවර 63.5) සසිඳු සසංක 45, රොමාල් ප්‍රනාන්දු 36 (එම්.කලීඩ් 26/3, අර්වින්ත් 33/2, එම්.එල්.ස්ලාස් 35/2)

සහිරා පළමු ඉනිම - 207/7 (ඕවර 53) ඩිල්සර සමින්ද 77, එම්.එල්.ස්ලාස් 61 (රොමාල් ප්‍රනාන්දු 35/4, විහාන සිතුමින 50/2)

රිච්මන්ඩ්-ආනන්ද

ගාල්ල රිච්මන්ඩ් විදුහල සහ කොළඹ ආනන්ද විදුහල අතර පැවැති පළමු කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජය රිච්මන්ඩ් විදුහල සතුවිය.

රිච්මන්ඩ් විදුහල පළමුව පන්දුවට පහරදෙමින් කඩුලු 8කට ලකුණු 277ක් රැස්කළ අතර ආනන්ද විදුහලට පළමු ඉනිමේදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 110ක් පමණි.

රිච්මන්ඩ් පළමු ඉනිම - 277/8 (ඕවර 67) ආදිත්‍ය සිරිවර්ධන 55, විමුද් සප්නක 55, දිමුත් සඳරුවන් 44 (ජනිඳු ජයවර්ධන 98/5, ලක්ෂිත අමරසේකර 49/2)

ආනන්ද විදුහල් පළමු ඉනිම - 110 (ඕවර 48) කමේෂ් නිර්මාල් 56 (අම්ෂි ද සිල්වා 35/4, කල්ප නෙත්සර 25/3, දිලුම් සුදීර 43/3) සහ දෙවැනි ඉනිම - 52/3 (ඕවර 20) කමේෂ් නිර්මාල් නොදැවී 35 (සුජීත් නිම්නාද 20/2)

තර්ස්ටන්-ත්‍රිත්ව

මහනුවර ත්‍රිත්ව විදුහල සමග තර්ස්ටන් විදුහල් පිටියේ පැවැති පළමු කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජය හිමිකර ගැනීමට සත්කාරකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ ත්‍රිත්ව විදුහලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් තර්ස්ටන් විදුහල පළමු ඉනිමට ලකුණු 399ක් රැස්කළ අතර පිළිතුරු ලෙස ත්‍රිත්ව විදුහලට පළමු ඉනිමේදී සියල්ලන් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 150ක් පමණි.

තර්ස්ටන් පළමු ඉනිම - 319 (ඕවර 85) යොහාන් ලියනගේ85, අවිශ්ක කෞෂ්‍යලය 42, රනේෂ් සිල්වා 40 (කවිෂ්ක සේනාධීර 91/4, අවිෂ්ක සේනාධීර 31/2, කවිඳු ඩයස් 58/2)

ත්‍රිත්ව පළමු ඉනිම - 150 (ඕවර 56.1) අෂාන් ලොකුකැටිය නොදැවී 41 (සදරු ඩයස් 28/3, අයේෂ් හර්ෂන 42/3, යොහාන් ලියනගේ 12/2) සහ දෙවැනි ඉනිම - 165/8 (ඕවර 56) දිනිඳ සිරිවර්ධන නොදැවී 36 (අයේෂ් හර්ෂන 54/5, හොයාන් ලියනගේ 30/2)

 

Post Bottom Ad

Pages