රියැදුරන් නැති ටැක්සියක ගමනක්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-22

රියැදුරන් නැති ටැක්සියක ගමනක්.

Addision_Lee

ලන්ඩන් නගරයේ ක්‍රියාත්මක Addison Lee ටැක්සි සමාගමේ විශ්වාසය වී ඇත්තේ, තවත් වසර 3කදී සිය ගනුදෙනුකරුවන්ට, රියැදුරෙකුගෙන් තොර කුලී රථයක යන ගමනකට සූදානම් විය හැකි බව යැයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී.

Oxbotica නමැති ස්වයං-ධාවන මෘදුකාංග සමාගම සමග එක්ව 2021 වසරේදී ලන්ඩන් නගරය තුළ රියැදුරන් නොමැති ටැක්සි සේවාවක් සැපයීමට අදාල සමාගම සූදානමින් සිටින බව සඳහන් වේ.

Addison Lee සමාගම පවසා ඇත්තේ, Oxbotica සමාගම සමග එක්ව ලන්ඩන් නගරයේ මාර්ග පද්ධතිය ඩිජිටල් තාක්ෂණය යටතේ සිතියම් ගත කිරීම් ආරම්භ කර ඇති බවය. එම ඩිජිටල් මාර්ග සිතියම්වල මාර්ග බාධක, මාර්ග සලකුණු සහ ආලෝක සංඥා සම්බන්ධ දත්ත ඇතුළත් කෙරෙනු ඇති බවත් වැඩිදුරටත් සඳහන් වේ.

The post රියැදුරන් නැති ටැක්සියක ගමනක්. appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages