මොරටුව සා.සෙබස්තියන් අම්බලන්ගොඩ ධර්මාශෝක කෙටිදුර පිහිනුම් ශූරතා දිනයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-24

මොරටුව සා.සෙබස්තියන් අම්බලන්ගොඩ ධර්මාශෝක කෙටිදුර පිහිනුම් ශූරතා දිනයි

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල සංවිධාන කළ සමස්ත ලංකා කෙටි දුර පාසල් පිහිනුම් තරගාවලියේ බාලක ශූරතාව මොරටුව සාන්ත සෙබස්තියන් විදුහල දිනාගත් අතර බාලිකා ශූරතාව සත්කාරක අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලට හිමිවිය.

ආර්.එම්. පී ද සිල්වා අනුස්මරණ කුසලාන සඳහා 14 වැනි වරට පැවැති සමස්ත ලංකා පාසල් කෙටිදුර බාලක බාලිකා පිහිනුම් තරගාවලියේදී ලකුණු 446 ලබාගත් මොරටුව සාන්ත සෙබස්තියන් විදුහල විසින් පළමුවරට මෙහි සමස්ත බාලක ශූරතාව දිනාගත් අතර ධර්මාශෝක බාලිකාවෝ ලකුණු 448ක් ලබා ගනිමින් බාලිකා ශූරතාව හිමිකර ගත්තේ පිට පිට තෙවැනි වරටය.

දිවයිනේ පාසල් 20ක් නියෝජනය කරමින් පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 700කගේ සහභාගිත්වයෙන් ධර්මාශෝක විද්‍යාලයීය පිහිණුම් තටාකයේ පැවති මේ තරගාවලියට තරග ඉසව් 118ක් පමණ ඇතුළත් විය.

ලකුණු හාරසිය තිස්කුණු 439ක් ලබාගත් සත්කාරක අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට සමස්ත බාලක අනු ශූරතාව හිමිවූ අතර තෙවැනි ස්ථානය මරදාන සහිරා විදුහලට හිමිවිය. ලකුණු 179 ක් ලබාගත් ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයට සමස්ත බාලිකා අනු ශූරතාවත්, ලකුණු 149ක් ලබාගත් ගම්පහ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට තෙවැනි ස්ථානයත් හිමිවිය.

වයස් කාණ්ඩ අනුව ජයග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙසේය

බාලක

9න් පහළ - ඒ.ආර්. මොහොමඩ්

(සහිරා වි. මරදාන)

11න් පහළ - නෙසදු නින්දුවර

(ධර්මාශෝක වි. අම්බලන්ගොඩ)

13න් පහළ - බිහදු හන්සන

(දේවානන්ද වි. අම්බලන්ගොඩ)

15න් පහළ - වනිල සිල්වා

(සා. සෙබස්තියන් වි. මොරටුව)

17 න් පහළ - ලසිත් සාරන්ග

(සා. සෙබතියන් වි. මොරටුව)

19 පහළ - ඒ.පී.ජයසහන් භානුක

(ධර්මාශෝක වි. අම්බලන්ගොඩ)

බාලිකා

9න් පහඝ - සිතුලි සිල්වා

(ධර්මාශෝක වි. අම්බලන්ගොඩ)

11න් පහළ - නවාශි ජයම්පති

(සිරිමාවෝ බණ්ඩාරනායක වි. ගම්පහ)

13න් පහළ - අමර්ශා සෙනාලි

(ධර්මාශෝක වි. අම්බලන්ගොඩ)

15න් පහළ - අනර්කලී ද සිල්වා

(ධර්මාශෝක වි. අම්බලන්ගොඩ)

17න් පහළ - කෞශල්‍යා චෙශානි

(ගින්තොට මහ වි.)

19න් පහළ - එස්.කේ.එස්.බියන්කා

(ධර්මාශෝක වි. අම්බලන්ගොඩ)

කරන්දෙනිය සමූහ අනුරාධ ප්‍රියදර්ශන

Post Bottom Ad

Pages