අල් ජසීරාවෙන් ක්‍රිකට් පිටි­යට තවත් බෝම්බයක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-25

අල් ජසීරාවෙන් ක්‍රිකට් පිටි­යට තවත් බෝම්බයක්

Author(s): 
ෆවුස් මොහොමඩ්

අල් ජසීරා රූප­වා­හිනි වාර්තා­කරු ‍ඩේවිඩ් හැරි­සන් පසු­ගිය දිනෙක ඉන්දි­යාවේ මුම්බායි නුවර ටාජ් හෝට­ල­යේදී මේ බුකී­ක­රුවා සමග කළ සම්මුඛ සාක­ච්ඡාව මේ වන­විට අයි.සී.සී.ය යළි යළිත් අධ්‍ය­ය­නය කර­මින් සිටී. පසු­ගිය කාලයේ මුද­ලට තරග පාවා­දීම අර­භයා එහි වංචා හා දූෂණ විරෝධී ඒක­කය සිය පරී­ක්ෂණ කට­යුතු ආරම්භ කරනු ලැබුවේ ද අල් ජසීරා ඊට පෙර අන්ත­ර්ජා­ල­යට මුසු­කළ වීඩියෝ පටයේ තොර­තු­රු­ව­ලට අනු­වය. දැන් අල් ජසී­රාව තවත් වීඩියෝ පට­යක් මුදා හරි­මින් අයි.සී.සී.යට වැඩ රාජ­කාරී වැඩි කර තිබේ.

මුද­ලට තරග පාවා­දීමේ ආන්දෝ­ල­නා­ත්මක වීඩියෝ පට­මා­ලා­ව­කින් පසු­ගිය කාලයේ ලෝක ක්‍රිකට් පිටිය උඩු යටි­කුරු කළ අල් ජසීරා රූප­වා­හිනි නාලි­කාව ඊයේ පෙරේදා දෙවැනි බෝම්බ­යත් අත හැරි­යේය. ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ පාල­ක­යන් වන ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලයේ (අයි.සී.සී.) දෑස් විවර කළ මේ ආන්දෝ­ල­නා­ත්මක වීඩියෝ පට මාලාව තරම් මෑත කාලයේ ක්‍රිකට් පිටිය උණු­සුම් කළ තවත් සිදු­වී­මක් නැති තරම්ය. ලෝක ක්‍රිකට් ප්‍රජාව අතර අප­රි­මිත කීර්ති­යත්, ගෞර­ව­යත් දිනා ගනි­මින් විශි­ෂ්ට­යන් ලෙස ක්‍රිකට් ඉති­හා­ස­යට එක්වී සිටින ලෝක පූජිත ක්‍රීඩ­ක­යන් පම­ණක් නොව වර්ත­මා­නයේ ජාත්‍ය­න්තර ක්‍රිකට් පිටියේ නම් දරා සිටින ජන­ප්‍රි­ය­තම ක්‍රිකට් තරු ද මුළු­ම­නින්ම නිරු­වත් කිරී­මට සමත්වූ මේ වීඩියෝ පට මගින් අනා­ව­ර­ණය වන මුද­ලට තරග පාවා­දීමේ සිදු­වීම් මාලාව දැන් ශ්‍රී ලංකාවේ ද දැඩි අව­ධා­න­යට ලක්වූ තිබේ.

‘මුනා­වර් ෆයිල්ස්‘ නමින් ඊයේ පෙරේදා අල් ජසී­රාව අන්ත­ර්ජා­ල­යට මුදා හළ නව­තම වීඩියෝ පටය අයි.සී.සී.යේ රේඩාර් යන්ත්‍ර­යට හසුවී සිටින අනීල් මුනා­වර් නමැති ඉන්දීය ජාතික බුකී කරුවා විසින් අනා­ව­ර­ණය කරන විම­තිය දන­වන සුළු සිදු­වීම් පෙළ­කින් සම­න්වි­තය.

අල් ජසීරා රූප­වා­හිනි වාර්තා­කරු ‍ඩේවිඩ් හැරි­සන් පසු­ගිය දිනෙක ඉන්දි­යාවේ මුම්බායි නුවර ටාජ් හෝට­ල­යේදී මේ බුකී­ක­රුවා සමග කළ සම්මුඛ සාක­ච්ඡාව මේ වන­විට අයි.සී.සී.ය යළි යළිත් අධ්‍ය­ය­නය කර­මින් සිටී. පසු­ගිය කාලයේ මුද­ලට තරග පාවා­දීම අර­භයා එහි වංචා හා දූෂණ විරෝධී ඒක­කය සිය පරී­ක්ෂණ කට­යුතු ආරම්භ කරනු ලැබුවේ ද අල් ජසීරා ඊට පෙර අන්ත­ර්ජා­ල­යට මුසු­කළ වීඩියෝ පටයේ තොර­තු­රු­ව­ලට අනු­වය. දැන් අල් ජසී­රාව තවත් වීඩියෝ පට­යක් මුදා හරි­මින් අයි.සී.සී.යට තවත් වැඩ රාජ­කාරී වැඩි කර තිබේ.

අනිල් මුනා­වර් හෙළි කළ තොර­තු­රු­ව­ලට අනුව වසර 2011 – 2012 කාලයේ ජාත්‍ය­න්තර ක්‍රිකට් පිටියේ ජාත්‍ය­න්තර තරග 15කදී මුද­ලට තරග පාවා­දීම් 26ක් සිදු වී තිබේ. ටෙස්ට් තරග 6ක්, එක්දින තරග 6ක් සහ විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලියේ තරග 3ක් ඊට ඇතු­ළත්ය. ඒ අත­රින් තරග 7කදී එංග­ලන්ත ක්‍රීඩ­ක­යන් ද, තවත් තරග 5කදී ඔස්ට්‍රේ­ලි­යානු ක්‍රීඩ­ක­යන් ද මුද­ලට තරග පාවා­දී­මට සම්බන්ධ වූ බව මුනා­වර් අනා­ව­ර­ණය කරයි. මීට අම­ත­රව පාකි­ස්තානු ක්‍රීඩ­ක­යන් තරග 3ක් පාවා­දී­මට කට­යුතු කළ බව ද ඔහු හෙළි කරයි. තවත් එක් තර­ග­ය­කදී මුද­ලට ක්‍රීඩා කළ ක්‍රීඩ­කයා වෙනත් රට­කට අයත් බව ඔහු පව­සයි. මුනා­වර් විසින් අනා­ව­ර­ණය කරනු ලැබූ මේ තරග අත­රින් ඉන්දි­යාව සහ එංග­ල­න්තය අතර වසර 2011 පැවැති ලෝඩ්ස් ටෙස්ට් තර­ග­යත්, ඔස්ට්‍රේ­ලි­යාව සහ දකුණු අප්‍රි­කාව අතර පැවැති 2011 කේප්ට­වුන් ටෙස්ට් තර­ග­යත්, 2011 ලෝක කුස­ලාන තර­ග­මා­ලාවේ තරග 5කුත්, 2012දී ශ්‍රී ලංකාවේ පැවැති විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලියේ තරග 3කුත් දැන් අයි.සී.සී.යේ දැඩි නිරී­ක්ෂ­ණ­යට ලක් වෙමින් තිබේ.

වසර 2014දී ජීවි­ත­ක්ෂ­යට පත්වූ ඉන්දි­යාවේ සුප්‍ර­කට ක්‍රිකට් තරග බුකී කරු­වකු වූ දිනේෂ් කල්ගිගේ සමී­ප­තම සගයා වන දිනේෂ් කම්බාට් සමග මුනා­වර් විසින් දුර­ක­ත­නය මගින් කරනු ලැබූ සංවාද කිහි­ප­යක් අල් ජසීරා වීඩියෝ පට­යට ඇතු­ළත් වන අතර ඉන් අනා­ව­ර­ණය වන පරිදි 2012දී ශ්‍රී ලංකාවේ පැවැති විස්සයි20 තර­ගා­ව­ලියේ අවම වශ­යෙන් තරග 3කදී හෝ මුද­ලට පාවා­දීම් සිදුවී තිබේ.

වසර 2011 ලෝක කුස­ලාන තර­ග­මා­ලාවේ ආර­ම්භ­යේදී එක්තරා එංග­ලන්ත ක්‍රීඩ­ක­යකු හා මුනා­වර් අතර දුර­ක­තන සංවා­ද­යක් ද මේ වීඩියෝ පට­යට ඇතු­ළත්ය.

‘අළු බඳුන ටෙස්ට් තර­ගා­ව­ලි­යට සුබ පැතුම් සර්...ඔබේ අව­සන් ගෙවීම දැන් ගිණු­මට බැර වෙන්න නිය­මි­තයි. එය සති­යක් ඇතු­ළත ඔබට ලැබේවි.‘ එය මුනා­වර්ගේ හඬය.

‘හොඳයි‘ එංග­ලන්ත ක්‍රීඩ­කයා එසේ පිළි­තුරු දෙයි.

එය එසේ වුවත් මේ සංවා­දය පිළි­බඳ අල් ජසීරා වාර්තා­කරු අදාළ ක්‍රීඩ­ක­යා­ගෙන් කළ විම­සු­ම­කදී ඔහු එය එක හෙළාම ප්‍රති­ක්ෂේප කර තිබේ. එම ක්‍රීඩ­ක­යාට අනුව එය ගොතන ලද බොරු­වකි. ලෝක ක්‍රිකට් පිටියේ පම­ණක් නොව මත් ද්‍රව්‍ය වෙළෙ­ඳා­මේ­දිත් ජාත්‍ය­න්තර අප­රා­ධ­ක­රු­වකු ලෙස ලේබ­ල්ග­තවී සිටින ඉන්දි­යාවේ කෝටි­පති ව්‍යාපා­රික දාවුද් ඉබ්‍රා­හිම්ට අයත් ‘ඩී කම්පැනි‘ සමා­ගමේ නියෝ­ජි­ත­යකු විසින් පාකි­ස්තාන ක්‍රීඩක උමර් අක්මාල් සමග එක්තරා හෝට­ල­ය­කදී සාකච්ඡා කර­මින් සිටින ඡායා­රූ­ප­යක් ද මේ වීඩියෝ පට­යෙන් අනා­ව­ර­ණය කර තිබේ. උමර් අක්මාල් විසින් එම පුද්ග­ල­යාට අතට අත දෙන අයු­රුත්, පසුව ඔහු ගමන් මල්ලක් පරික්ෂා කරන අයු­රුත් එම ඡායා­රූ­ප­ව­ලින් දැක්වෙයි. කෙසේ වුවත් අක්මාල් එම ගමන් මල්ල සමග හෝට­ල­යෙන් පිට­තට යන අයුරු දැක්වෙන ඡායා­රූප එහි නොමැත. මේ වසරේ ජූනි මාස­යේදී පාකි­ස්තාන ක්‍රිකට් පාලක මණ්ඩ­ලයේ අල්ලස් හා දුෂණ විරෝධී ඒක­ක­යට අක්මාල් ප්‍රකා­ශ­යක් කර­මින් කියා සිටියේ හොංකොං සික්සර්ස් තර­ගා­ව­ලිය අත­ර­තුර බුකී කරු­වකු ඔහුට සමීප වීමට උත්සාහ කළ බවය. එමෙන්ම එමීර් රාජ්‍ය යේ දී දකුණු අප්‍රි­කාව සමග පැවැති තර­ග­මා­ලා­වක් අත­ර­තුර ද තවත් බුකී කරු­වකු තමාට තරග පාවා­දී­මට යෝජනා කළ බවත් කී අක්මාල් හොංකොං සික්සර්ස් තර­ග­ය­කදී පිට පිට පන්දු දෙකක් නිදැල්ලේ හැරීම වෙනු­වෙන් අමෙ­රි­කානු ඩොලර් ලක්ෂ 2ක මුද­ලක් පිරි­නැ­මී­මට බුකී­ක­රුවා යෝජනා කළ බව පාකි­ස්තාන ක්‍රිකට් පාලක මණ්ඩ­ලයේ අල්ලස් හා දුෂණ විරෝධී ඒක­ක­යට පවසා තිබේ.

අරාබි බසින් ‘දිව­යින‘ ලෙස අරුත් ගැන්වුණු අල් ජසීරා රූප­වා­හිනි නාලි­කාවේ ආර­ම්භය සිදු­වන්නේ 1996 නොවැ­ම්බර් මාස­යේ­දීය. ඉන් අන­තු­රුව ඇෆ්ග­නි­ස්තාන ඇතුළු මැද­පෙ­ර­දිග යුද ගැටුම් විකා­ශය කිරී­මෙන් ලෝක ප්‍රජාව අතර ඉම­හත් ජන­ප්‍රි­ය­ත්ව­යක් සහ අව­ධා­න­යක් දිනා­ගත් මේ රූප­වා­හිනි නාලි­කාව දෝහා කටාර් රාජ්‍ය­යට අයත් එකකි. එහි මූල­ස්ථා­නය කටාර් හී පිහිටා ඇති අතර ලොව පුරා අල් ජසීරා පුවත් කාර්යාංශ 80ක් ස්ථාපිත කර­මින් ජාත්‍ය­න්තර රූප­වා­හිනි නාලිකා අතර ප්‍රමුඛ පෙලේ තැනක් හිමි­කර ගෙන සිටී. යුද ගැටු­ම්ව­ලින් පසුව අල් ජසී­රාව ජගත් රූප­වා­හිනි ප්‍රේක්ෂ­ක­යන් අතර දැඩි අව­ධා­න­යට ලක්වූයේ මුද­ලට තරග පාවා­දීමේ සිදු­වීම් අනා­ව­ර­ණය කිරි­මත් සම­ගය. කටාර් රජ­යට අයත් මේ රූප­වා­හිනි නාලි­කාව මෑත කාලයේ මැද­පෙ­ර­දිග කලා­පයේ මත­භේ­ද­යට තුඩු දෙන වාර්තා රැසක් හෙළි දරවු කිරී­මට සම­ත්වීය. ක්‍රිකට් ක්‍රීඩාවේ මුද­ලට තරග පාවා­දිමේ සිදු­වීම් මාලාව අනා­ව­ර­ණය කර­මින් දැන් එම නාලි­කාව මෙතෙක් කාල­යක් නිරු­ප­ද්‍රි­තව මේ ජාවා­රම ජය­ටම කර­ගෙන ගිය ක්‍රිකට් ක්‍රීඩ­ක­යන් රැසක් කොටු කර­ගැ­නී­මට අයි.සී.සී.යට තොර­තුරු සප­ය­මින් සිටී.

ඉන්දි­යාවේ සහ ඩුබායි නුවර ජීව­ත්වන ක්‍රිකට් ක්‍රීඩාවේ මහ පරි­මාණ බුකී කරු­වකු වන මුනා­වර්ට ඉන්දි­යාව, පාකි­ස්තා­නය, බංග්ලා­දේ­ශය, එමි­රේට්ස්, දකුණු අප්‍රි­කාව, ඔස්ට්‍රේ­ලි­යාව සහ බ්‍රිතාන්‍ය සමග සමීප සම්බ­න්ධතා රැසකි. කෝටි­පති ගනු­දෙනු කරු­වන් තිහ­කට ආසන්න පිරි­ස­කට දේශීය හා ජාත්‍ය­න්තර ක්‍රිකට් තරග පැවැ­ත්වී­මට පෙරම එහි ප්‍රති­ඵ­ලය, ඕව­ර­යක් තුළ සිදු­විය හැකි දැවී­යාම්, ලකුණු රැස් කිරීම් නිවැ­රැ­දිව අනා­වැකි සපයා සිය මඩිය තර­කර ගන්නා මුනා­වර් ඒ සඳහා බිල්ලට ගෙන ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩ­ක­යන්ය. අති­වි­ශාල මුදල් සම්භා­ර­යක් අතට ලැබෙන බැවින් ඇතැම් ක්‍රිකට් ක්‍රීඩ­ක­යන් ද මුනා­වර්ට රිසි සේ කට­යුතු කිරී­මට සැදී පැහැදී සිටිති. මුනා­වර් කියන පරිදි ඔහු විසින් සප­යනු ලබන ක්‍රිකට් තරග අනා­වැකි වර­දින්නේ කළා­තු­ර­කිනි. බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කර­ගත් එක්තරා ක්‍රිකට් තරග ඔට්ටු තබන බුකී ආය­ත­න­යක් පව­සන පරිදි මුනා­වර් පසු­ගිය කාලයේ සැපයූ අනා­වැකි 26ක් අත­රින් 25ක්ම සාර්ථක වී තිබේ. ඔහු ඒවා සාර්ථක කර­ගත්තේ ක්‍රීඩ­ක­යන්ට ඩොලර් ලක්ෂ ගණන් අල්ලස් දෙමිනි.

ඔහුට අනුව ඉන්දීය පිලේ නායක විරාත් කෝලි, විශිෂ්ට පිති­ක­රු­වන් වන සුරේෂ් රයිනා හා රෝහිත් ෂර්මා ඇතුළු ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩ­ක­යන් සමග ඔහු පසු­ගිය දශ­ක­යේදී සමීප සම්බ­න්ධතා පවත්වා තිබේ. ඒවා සනාථ කිරී­මට ඔවුන් සමග ගත් ඡායා­රූප ද ඔහු අල් ජසීරා වාර්තා­ක­රුට ලබා දී තිබේ.

ලෝක ක්‍රිකට් පිටි­යට අල් ජසී­රාව දමා ඇත්තේ මාරක බෝම්බ­යකි. එය අයි.සී.සී.ය දැඩි හිස­ර­ද­යට පත් කළ එකකි. ලෝක ක්‍රිකට් ප්‍රජාව විම­ති­යට පත් කළ මුද­ලට තරග පාවා­දීමේ බෝම්බය පිපි­රී­මෙන් ලෝක ක්‍රිකට් පිටියේ හිටපු ක්‍රීඩ­ක­යන් හා වත්මන් ක්‍රීඩ­ක­යන් රැස­කට නිදි වර්ජි­තව රැය පහන් කර­න්නට සැලැසූ මේ ගිනි බෝම්බය නිසා මෙරට ක්‍රීඩා­ලෝ­ලීන්ද අන්ද­මන්ද වී සිටී.

කාල­යක් පුරා තම ක්‍රිකට් වීර­යන් ලෙස ආද­ර­යට පාත්‍රවී සිටින ක්‍රීඩ­ක­යන් මුද­ලට තරග පාවා­දීමේ සිදු­වී­ම්ව­ලට සම්බ­න්ධ­වීම ඔවුන්ට අද­හා­ගත නොහැකි කාර­ණා­වක් වනු ඇත. අල් ජසී­රාවේ ඊළඟ බෝම්බය කවර මුහු­ණු­ව­රක් ගනු ඇත්දැයි අනා­වැකි පළ කිරී­මට වේලා­සන වැඩිය. එතෙක් ක්‍රීඩා­ලෝ­ලීන්ට සිදු­වනු ඇත්තේ නළල් තල රැළි ගන්වා බලා සිටීම පමණි.

Post Bottom Ad

Pages