ගාල්ලේ තරිඳුගෙන් උස පැනීමේ නව වාර්තාවක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-27

ගාල්ලේ තරිඳුගෙන් උස පැනීමේ නව වාර්තාවක්

නිරෝෂාන් ප්‍රියංකර මාතර කොටවිල සිට...

මාතර කොටවිල ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්වෙන තිස්වැනි ජාතික ක්‍රීඩ උළෙලේ මලල ක්‍රීඩා ඉසව් ආරම්භ වූ පළමු දිනයේදීම නව තරග වාර්තාවක් බිහි කිරීමට ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ එස්.ඒ.තරිඳු දසුන් සමත් විය.

අවුරුදු 20න් පහළ පිරිමි උස පැනීමේ ඉසව්වට එක්වූ තරිඳු මීටර් 2.12ක දක්ෂතාවක් සමගින් නව තරග වාර්තාව බිහිකළ අතර ඔහු හමුවේ බිඳ වැටුණේ 2013 වසරේ පැවැති ක්‍රීඩා උළෙලේදී නාගරික තරුණයා දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ආර්.ඒ.ටී.ඕ.කරුණාරත්න මීටර් 2.11කින් තබා තිබූ වාර්තාවය.

ඊයේ පැවැති නෙට්බෝල් කාන්තා ඉසව්ව ජය ගැනීමට කළුතර දිස්ත්‍රික්කය සමත්වූයේ මොණරාගල දිස්ත්‍රික්කය පරාජය කරමිනි. එහි පිරිමි ඉසව්වෙන් මහනුවර දිස්ත්‍රික්කය පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට කෑගල්ල දිස්ත්‍රික්කයට හැකිවිය.

ක්‍රීඩා උළෙලේ දෙවැනි දිනය වන අද (27) අවසන් තරග ඉසව් 32ක් පැවැත්වීමට නියමිතය. එහිදී අවුරුදු 20න් ඉසව් 13ක් සහ 13 වොලිබෝල්, කබඩි සහ කඹ ඇදීම කාන්තා සහ පිරිමි තරගද පැවැත්වෙයි. හෙට (28) ක්‍රීඩා උළෙල නිමාවට පත්වන අතර ජය සංකේත ප්‍රදානය තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

පළමු දිනයේ තරග ප්‍රතිඵල කිහිපයක්:

මීටර් 10000 (අවු.20න් ඉහළ පිරිමි):

1.එච්.එච්.ඒ.තරංග වි.32:38.57 (මාතර), 2.වී.වික්ෂාන් වි.32:38.57 (33:19.89), 3.බී.ඒ.සඳරුවන් වි.33:45.29 (ගම්පහ)

මීටර් 5000 (අවු.20න් ඉහළ කාන්තා):

1-රුවනි භාග්‍යා වි.19:26.24 (ගම්පහ), 2.එස්.විතූෂා වි.20:59.64 (මුලතිව්), 3.එම්.ඒ.සී.සඳරුවනි වි.21:17.13 (පුත්තලම)

මීටර් 200 (අවු.20න් ඉහළ පිරිමි) :

1.පී.ඒ.සී.එල්.කුමාර තත්.22.31 (අනුරාධපුර), 2.ජී.එස්.එම්.ඒ.කුමාර තත්.22.53 (කෑගල්ල), 3.එල්.කේ.එස්.පෙරේරා තත්.23.06 (කොළඹඑස්)

දුර පැනීම (අවු.20න් පහළ කාන්තා):

1.නෙත්මි මේඝවර්ණ මී.5.43 (හම්බන්තොට), 2.ජී.ආර්.එස්.පී.කුමාරනායක මී.5.32 (කැගල්ල), 3.ඩබ්.ඒ.කේ.නෙත්මි මී.5.32 (පුත්තලම)

උස පැනීම (අවු.20න් පහළ පිරිමි):

1.තරිඳු දසුන් මී.2.12 නව තරග වාර්තාවකි (ගාල්ල), 2.පී.එස්.ටී.ප්‍රනාන්දු මී.1.95 (පුත්තලම), 3.ඩී.එම්.ඩී.පී.කෞෂල්‍ය මි.1.95 (මොනරාගල)

යගුලිය විසි කිරීම (අවු.20න් ඉහළ පිරිමි):

1.හේෂාන් චාමර මී.13.57 (ගම්පහ), 2.ආර්.එම්.එස්.එස්.ඩබ්.රත්නායක මී.12.32 (කුරුණෑගල), 3.එච්.ඩි.මහලියනගේ මී.12.01 (රත්නපුර)

හෙල්ල විසි කිරීම (අවු.20න් පහළ කාන්තා):

1.එන්.යුත්යවානි මී.36.80 (ත්‍රිකුණාමලය), 2.වාසනා මෙන්ඩිස්

මී.33.31 (කළුතර), 3.ජේ.ඒ.එම්.සෙව්වන්දි මී.33.14 (පුත්තලම)

දුර පැනීම (අවු.20න් ඉහළ පිරිමි):

1.අමිල ජයසිරි මී.7.23 (පුත්තලම), 2.එන්.නෙතුජන් මී.6.86 (යාපනය), 3.ටී.ජී.එස්.විජේතුංග මී.6.85 (මාතලේ)

මීටර් 100 කඩුලු (අවු.20න් ඉහළ පිරිමි):

1.එම්.එල්.එම්.සී.කේ.විජේබණ්ඩාර තත්.15.31 (නාගරික තරුණයා), 2.ඒ.ඒ.එස්.එස්.අමරතුංග තත්.15.74 (ගම්පහ), 3.එච්.කේ.මංජුල ගුණවර්ධන තත්.16.03 (ගාල්ල)

නෙට්බෝල් කාන්තා:

1.කළුතර 2.මොණරාගල

නෙට්බෝල් පිරිමි:

1කෑගල්ල 2.මහනුවර

 

Post Bottom Ad

Pages