ගෝඨා සහ බැසිල් ගැන තීරණයක් ගන්නැයි ඇමරිකානු රජ‍යෙන් ඉල්ලීමක්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-30

ගෝඨා සහ බැසිල් ගැන තීරණයක් ගන්නැයි ඇමරිකානු රජ‍යෙන් ඉල්ලීමක්.

Basil_Gotabhaya

ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන කුමන්ත්‍රණයට ක්‍රියාකාරී දායකත්වයක් සපයන ඇමරිකානු පුරවැසියන් දෙදෙනා වන බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන අය සම්බන්ධයෙන් වහා පියවරක් ගන්නා ලෙස ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ගෙන් ඇමරිකාවේ පදිංචි ශ්‍රී ලාංකිකයන් විසින් ඊයේ ලිඛිත  ඉල්ලීමක් කර ඇත. ඕනෑම රටක ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතුවලට දායකත්වය ලබාදීම ඇමරිකාවේ පුරවැසියන්ට යෝග්‍ය නොවන්නක් බව එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.

ඇමරිකාවේ පදිංචි ශ්‍රී ලාංකයෙකුගේ නමින් මෙම ඉල්ලීම සිදුකර ඇති අතර ඇමරිකාවේ පදිංචි ශ්‍රී ලාංකිකයන්, ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සමග මේ සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් වේ.

එම ලිපියේ පිටපතක් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයටද ෆැක්ස් කර ඇතැයි වාර්තා වේ.

අදාල ලිපිය පහතින්,

USA_Letter

 

The post ගෝඨා සහ බැසිල් ගැන තීරණයක් ගන්නැයි ඇමරිකානු රජ‍යෙන් ඉල්ලීමක්. appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages