බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියට ශ්‍රී ලංකා යොවුන් පිල නම් කරයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-30

බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියට ශ්‍රී ලංකා යොවුන් පිල නම් කරයි

සංචාරක බංග්ලාදේශ අවුරුදු 19න් පහළ ක්‍රිකට් පිල සමග අද (30) දඹුල්ලේදී ආරම්භ වන තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නිපුන් ධනංජයගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා යොවුන් පිල නම් කර තිබේ.

මේ තරගාවලියේ පළමු තරග 3ම දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර සිවුවැනි හා අවසන් එක්දින තරගය කටුනායක මේරියන්ස් ක්‍රිකට් පිටියේදී පැවැත්වෙයි. පළමු තරගය අද පැවැත්වෙන අතර දෙවැනි තරගය නොවැම්බර් මස 1දා සහ තුන්වැනි තරගය 3දා පැවැත්වෙයි. දෙපිල අතර සිවුවැනි එක්දින තරගය නොවැම්බර් මස 6 දා පැවත්වෙන අතර අවසන් තරගය 9 වැනිදා පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල මෙසේය. - නිපුන් ධනංජය (නායක), නවෝද් පරණවිතාන, රවිඳු රෂාන්, සොනාල් දිනූෂ, මොහොමඩ් ෂමාස්, අවිශ්ක තරිඳු, රවීන් ද සිල්වා, සඳුන් ගමගේ, එම්.සී.ප්‍රේමදාස, රොහාන් සංජය, සී.විජේසිංහ, නවීන් ප්‍රනාන්දු, අෂාන් ඩැනියෙල්.

Post Bottom Ad

Pages