ක්‍රීඩාවෙන් දස්කම් දක්වන තුෂාරී - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-26

ක්‍රීඩාවෙන් දස්කම් දක්වන තුෂාරී

දෙහිඕවිට ප්‍රාදේශීය කොට්ඨාසයට අයත් දෙල්ඔලුවේ පදිංචි තුෂාරී ජයසිංහ 30 හැවිරිදි ආබාධිත ක්‍රීඩිකාවකි. කවපෙත්ත, යගුලිය, හෙල්ල විසිකිරීම, වොලිබෝල් ආදී තරඟවලින් ඇය කැපී පෙනෙන දස්කම් දක්වන්නීය. දෑතේ හා දෙපාවල ඇඟිලි විකෘතිව පිහිටා තිබුණත් ක්‍රීඩාවට උපන් හපන්කම් ඇති ඇය ක්‍රීඩාවෙන් පදක්කම් හා සහතිකපත් රැසක් දිනාගැනීමට සමත්වී තිබේ.

සමාජසේවා දෙපාර්තමේන්තුව මගින් ආබාධිතයන් වෙනුවෙන් (පැරා) පැවැත්වූ සමස්ත ලංකා ක්‍රීඩා තරග නියෝජනය කරමින් ඇය මේ ජයග්‍රහණය අත්කර ගත්තාය. වසර 2017 දී ඉන්දියාවේ පැවැති ආබාධිත ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වොලිබෝල් තරගාවලියට එක්ව රන් පදක්කම් ලැබූ ඇය ග්‍රාම සේවා නිලධාරී වසමේ තරඟ හා සබරගමුව පලාත් ක්‍රීඩා තරඟවලදී ආබාධිත නොවන ක්‍රීඩිකාවන් සමග තරග කරමින් ජයග්‍රහණ අත්කර ගැනීම කැපී පෙනේ.

මේ වසරේ ආසියානු පැරා ක්‍රීඩා උළෙලට ද සහභාගි වූ ඇය එහිදී ලැබුණු රෝදපුටුවේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තරගයෙන් පසුබෑමකට ලක්වූවත් ඉදිරියේදී සියළු අඩුපාඩු මඟ හරවා ගනිමින් පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත මහතාගේ උපදෙස් මත ජාත්‍යන්තර තරගවලට එක්වීමට බලාපොරොත්තු වන්නීය.

මේ වනවිට ඇය අවිස්සාවේල්ල සීතාවක ආයෝජන කලාපයේ ඇඟළුම් ආයතනයක සේවය කරයි. සිය ක්‍රීඩා දිවියට අත්වැල සපයන එම ආයතනය බාර විදෙස් ජාතික සර්ච්, කලමනාකාර සමන් විජේසුරිය, බෙනරගම මහත්වරුන් ස්තූති පූර්වකව සිහිපත් කරයි. එමෙන්ම සහෝදර සේවක සේවිකාවන්ගෙන් ලැබෙන දිරිය ද ක්‍රීඩාවට විශාල ශක්තියක් බව ඇය කියයි.

යටියන්තොට සමූහ කුමාරසිංහ ගුණදාස
ජායාරූප - යටියන්තොට සමූහ

Post Bottom Ad

Pages