එයා දිනුවෙ නෑ ඉවර කලා විතරයි – චන්ද්‍රිකා කුමාරතුංග. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-26

එයා දිනුවෙ නෑ ඉවර කලා විතරයි – චන්ද්‍රිකා කුමාරතුංග.

chandrika-kumaratunga

තමන් බලයට එද්දී කොටි ත‍්‍රස්තවාදීන් විසින් උතුරු පලාතෙන් 80%ක් පමණම අල්ලාගෙන සිටි බවත් තමන් ධුරයෙන් යද්දී යාපනයද ඇතුළුව ඉන් 75%ක් පමණ මුදාගත් බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පවසයි. කොටින්ගේ යටතේ තිබුනේ කිලිනොච්චිය සහ මුලතිවු පමණක් බවත් රාජපක්‍ෂලා නිදහස් කර ගත්තේ එම කොටස පමණක් බවත් ඇය සදහන් කරයි.

‘එයා දිනුවෙ නෑ ඉවර කලා විතරයි’ යයිද ඇය සදහන් කළාය.

ඒ ජාතික සමගිය හා සංහිඳියා කාර්යාලය මගින් සංවිධානය කළ වැඩසටහනට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ,

“නිකන් අහිංසකව ඉඳලා නැති වෙච්ච මිනිස්සුන්ගෙ පවුල්වල ටිකක් අපේ රණවිරුවන්ට මිට වැඩිය හුගක් දීලා තියෙනවා. ඒ ගොල්ලෝ යුද්ධය ඉවර කළා විතරයිනේ. යාපනය දිනුවේ කවුද? රාජපක්ෂ? නෑ මගේ ආණ්ඩුවෙන්නේ. එදත් කොටින්ට ගෙවන්නේ පළි ගත්තා. ඒක මට ප්‍රශ්නයක් වුණේ නැහැනේ. ඊළඟට මාව මරයි. ඒත් මට ප්‍රශ්නයක් නැහැ. රට වෙනුවෙන් අපි ඒවා කරනවා. බණ්ඩාරනායකලා සියල්ල කැප කරන්නේ රට වෙනුවෙන් තමයි.” යැයි පැවසීය.

The post එයා දිනුවෙ නෑ ඉවර කලා විතරයි – චන්ද්‍රිකා කුමාරතුංග. appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages