නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-30

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි.

NEW_CABINET

නව රජයේ කැබිනට් මණ්ඩලය ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම්දීම් දෙනු ලැබීය. ඒ අනුව කැබිනට් අමාත්‍යවරු 12 දෙනෙකු හා රාජ්‍ය අමාත්‍යවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු දිවුරුම් දී ඇත.

එලෙස දිවුරුම් දුන් කැබිනට් අමාත්‍යවරුන් පහතින්,

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  – මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා – ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය

අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම – විදේශ කටයුතු අමාත්‍ය

අමාත්‍ය මහින්ද සමරසිංහ – වාරය සහ නාවික කටයුතු අමාත්‍ය

අමාත්‍ය මහින්ද අමරවීර – කෘෂිකර්ම අමාත්‍ය

අමාත්‍ය රංජිත් සියඹලාපිටිය – විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍ය

අමාත්‍ය විජේදාස රාජපක්ෂ –  අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය

අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය

අමාත්‍ය ඩග්ලස් දේවානන්ද – පුනරුත්ථාපන, නැවත පදිංචිකිරීම්, උතුරු පළාත් සංවර්ධනය සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය

අමාත්‍ය අර්මුගන් තොන්ඩමන් – කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය

අමාත්‍ය ෆයිසර් මුස්තාෆා – ක්‍රීඩා අමාත්‍ය, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය

අමාත්‍ය වසන්ත සේනානායක – සංචාරක සහ වනජීවි අමාත්‍ය

එමෙන්ම වඩිවෙල් සුරේෂ්,  වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්  ආනන්ද අලූත්ගමගේ,  සංචාරක සහ වනජීවි නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී ඇත.

The post නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි. appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages