එෆ්. ඒ. කුසලාන පාපන්දු යුද හමුදාව නිව් යංග්ස් ඉදිරියට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-26

එෆ්. ඒ. කුසලාන පාපන්දු යුද හමුදාව නිව් යංග්ස් ඉදිරියට

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙහෙයවන එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකා යුද හමුදාව හා වෙන්නප්පුව නිව් යංග්ස් කණ්ඩායම් අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබයි. එෆ්. ඒ. කුසලාන පාපන්දු අවසන් කන්ඩායම් 16 අතර වටයේදී ශ්‍රී ලංකා යුද හමුදාව වෙතින් කොළඹ නිව් ස්ටාර් පිල පරාජය වූ අතර වෙන්නප්පුව නිව් යංග්ස් කණ්ඩායම වෙතින් ගම්පොල රෙඩ් සන් ක්‍රීඩා සමාජය පරාජයට පත්විය.

සිටි ලීග් පිටියේ පැවැති ශ්‍රී ලංකා යුද හමුදාව හා කොළඹ නිව් ස්ටාර් පිල අතර තරගයේදී යුද හමුදා ක්‍රිඩකයෝ පළමු භාගයේදී ගෝල් 2-0ක් ලෙස ඉදිරියෙන් සිටියේය. එම ගෝල් දෙක 4වැනි මිනිත්තුවේදී සජිත් කුමාර හා 34වැනි මිනිත්තුවේදී මධුෂාන් ද සිල්වා වාර්තා කළේය. ශ්‍රී ලංකා පාපන්දු පිලේ හිටපු ක්‍රීඩක මොහොමඩ් ඉසෙදීන් 79වැනි මිනිත්තුවේදී අගනා ගෝලයක් වාර්තා කිරීමට සමත් විය. ඉසෙදීන් වයසින් වැඩි ක්‍රීඩකයෙක් වුවද ඔහුගේ ක්‍රීඩා විලාශය සිත්ගන්නා සුලු එකක් විය.

වෙන්නප්පුව නිව් යංග්ස් කණ්ඩායම හා ගම්පොල රෙඩ් සන් අතර තරගයේදී ගෝල් 4-0කින් රෙඩ් සන් පරාජය වූ අතර පළමු භාගයේදී රෙඩ් සන් ක්‍රීඩා සමාජයට දඩුවම් පහරක් පිරිනැමුණු අතර එය නිව් යංග්ස් ගෝල් කීපර් ධනුෂ්ක රාජපක්ෂ ඉතා දක්ෂ ලෙස ආවරණය කළේය. ඔහු ජාතික පාපන්දු පිලේ ද ගෝල් කීපර් ලෙස එක්ව සිටි ක්‍රීඩකයෙකි. තරගයේ පළමු භාගය ගෝල් 1-0ක් ලෙස වෙන්නප්පුව ක්‍රීඩා සමාජය ඉදිරියෙන් සිටි අතර 33වැනි මිනිත්තුවේදී ඩී. ඒ. එම්. ප්‍රියංකර එම ගෝලය වාර්තා කළේය.

අනතුරුව මොහොමඩ් ෆවුසාන් 63වැනි මිනිත්තුවේදී, එම්. කරුනාරත්න 78වැනි හා 89වැනි මිනිත්තුවලදී නිව් යංග්ස් වෙනුවෙන් ගෝල් වාර්තා කළහ.

Post Bottom Ad

Pages