විරාත් කෝලිගෙන් වාර්තා පිට වාර්තා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-23

විරාත් කෝලිගෙන් වාර්තා පිට වාර්තා

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පෙරේදා ඉන්දියාවේ ගුවහාති නුවර පැවැති දිවාරාත්‍රී පළමු එක්දින තරගයේදී රෝහිත් ෂර්මා සමග එක්ව ඉන්දීය පිල කඩුලු 8ක ජයග්‍රහණයක් කරා රැගෙන ගිය නායක විරාත් කෝලි ශතකයක් රැස් කරමින් වාර්තාපොත අලුත් කිරීමට නැවතත් සමත්විය.

මාස තුනක විරාමයකින් පසුව එක්දින පිටියට පිවිසි කෝලි පෙරේදා තරගයේදී පන්දු 107කින් ලකුණු 140ක් රැස් කළ කෝලි මේ වසරේ එක්දින තරග ලකුණු 2000 සම්පූර්ණ කිරිමට සමත්විය. එය කෝලි විසින් පිට පිට වසර තුනකදී එක්දින ලකුණු 2000 සම්පූර්ණ කළ අවස්ථාව ලෙස වාර්තාපොතට එක්විය. මීට පෙර එවැනි දස්කමක් පෙන්නුම් කළේ සචින් තෙන්ඩුල්කර් (වසර 1996 සිට 1998 දක්වා), මැතිව් හේඩ්න් (වසර 2002 සිට 2004 දක්වා) සහ ජෝ රූට් (වසර 2015 සිට 2017 දක්වා) පමණි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වසරක් ඇතුළත ලකුණු 2000 සීමාව පසු කිරිමට කෝලි සමත්වූ 5 වැනි අවස්ථාව මෙය වන අතර මීට පෙර එවැනි දස්කමක් පෙන්නුම් කළ කුමාර් සංගක්කාර වසර 6කදී ලකුණු 2000 සීමාව පසු කිරීමට සමත්විය.

ඉන්දියාව සහ කොදෙව් පිල අතර පැවැති පළමු එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව් පිල ඕවර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 322ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය පිල ඕවර 42.1කදී කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රහණය සපුරා ගත්තේය. කෝලිට අගනා සහයක් ලබා දුන් ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මා නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 152කි.

Post Bottom Ad

Pages