ඩ්වේන් බ්‍රාවෝ ක්‍රීඩාවෙන් සමු ගනියි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-26

ඩ්වේන් බ්‍රාවෝ ක්‍රීඩාවෙන් සමු ගනියි

බටහිර ඉන්දීය කොදෙව් පිලේ තුන්ඉරියව් ක්‍රීඩක හිටපු නායක ඩ්වේන් බ්‍රාවෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශ කළේය.

කොදෙව් පිල වෙනුවෙන් ටෙස්ට් තරග 40කට, එක්දින තරග 164කට සහ විස්සයි20 තරග 66කට ක්‍රීඩා කර ඇති බ්‍රාවෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් පසුව ලොව පුරා විවිධ රටවල පැවැත්වෙන විස්සයි20 ලීග් තරග සඳහා පමණක් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වෙයි.

ට්‍රිනිඩෑඩ් සහ ටුබෑගෝ රාජ්‍ය යෙන් කොදෙව් පිලට එක්වූ මේ 35 හැවිදිරි ක්‍රීඩකයා ටෙස්ට් කඩුලු 86කට සහ ලකුණු 2200කට හිමිකම් කියයි. ඔහු එක්දින ලකුණු 2968ක් සහ කඩුලු 199ක් දවාලීමට සමත්වූ අතර විස්සයි20 ලකුණු 1142ක් සහ කඩුලු 52ක් ද අත්කර ගෙන සිටී.

වසර 2004දී කණ්ඩායමට එක්වූ බ්‍රාවෝ අවසන් වරට විස්සයි20 තරගයකට ක්‍රීඩා කළේ පාකිස්තානයට එරෙහිව 2016 වසරේ සැප්තැම්බර් මාසයේදීය. අවසන් වරට ඔහු එක්දින තරගයකට ක්‍රීඩා කළේ 2014 වසරේ ඉන්දියාවට එරෙහිවය.

විනෝදශීලී ක්‍රීඩකයකු ලෙස ප්‍රකට බ්‍රාවෝ ගායකයකු ලෙසත් දස්කම් දැක්වූ අතර 2016 වසරේ ඔහු විසින් ගයනු ලැබූ ‘ඩී ජේ බ්‍රාවෝ...චැම්පියන්‘ ගීතය ඉමහත් ජනප්‍රියත්වයට පාත්‍රවිය.

Post Bottom Ad

Pages