පාරමීට කුලියාපිටියෙන් උපහාර - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-26

පාරමීට කුලියාපිටියෙන් උපහාර

යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාවට පළමුවරට පදක්කමක් හිමිකර දුන් ක්‍රීඩිකාව ලෙස පාරමී වසන්තී මාරිස්ටෙලා කීර්තියට පත්වූවාය.

ආජන්ටිනාවේ බුවර්නෝස් අයර්ස් නුවර පසුගියදා පැවැති යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 2000 බාධක දිවීමේ තරගයේදී ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත්වූ මේ විශිෂ්ට ක්‍රීඩිකාව කුලියාපිටිය මැදි විදුහලේ සිසුවියකි.

පාරමී වසන්ති සහ ඇගේ පුහුණුකරු ජනිත ජයසිංහ මහතා පිළිගැනීමේ උත්සවයක් පසුගියදා කුලියාපිටිය නගරයේදී පැවැත්විණි. කුලියාපිටිය මැදි විදුහලේ ආදි සිසු සංගමය විසින් සංවිධාන කරනු ලැබු මේ උපහාර උත්සවයේ සමාරම්භක අවස්ථාවේදී සුභාරතීපුර බුදු මැදුර අබියස බෞද්ධ හා කතෝලික ආගමික වතාවත් සිදු කරමින් ද, ඇයට ආශිර්වාද කරමින් ද සෙත් පිරිත් හා යාඥා මෙහෙයන් පැවැත්විණි. පාරමී සහ ඇගේ පුහුණුකරු ඇගැයිමට ලක් කරමින් මෙහිදී කුලියාපිටිය මැදි විදුහල් ආදි සිසු සංගමය විසින් ඔවුන්ට රුපියල් ලක්ෂය බැගින් චෙක්පත් පිරිනමනු ලැබීය.

ඉන් අනතුරුව එම දෙපල කුලියාපිටිය ජනතාවගේ ජයඝෝෂා මැද විවෘත රථයකින් නගරයේ සංචාරයක නිරතවූයේ රිය පෙරහැරකිනි. පාරමී වසන්තිගේ මාපියන් ද මේ අවස්ථාවට එක්වූහ.

කුලියාපිටිය විශේෂ ඩබ්ලිව්. රණසිංහ
ඡායාරූප - කුලියාපිටිය විශේෂ

Post Bottom Ad

Pages