බෙන්තොට සාගර ක්‍රීඩා සමාජය වොලිබෝල් ශූරතාව දිනයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-24

බෙන්තොට සාගර ක්‍රීඩා සමාජය වොලිබෝල් ශූරතාව දිනයි

බෙන්තොට එකමුතුව සංවිධාන කළ ‘පේසුරු කුසලාන’ 2018 වොලිබෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට බෙන්තොට සාගර ක්‍රීඩා සමාජ සමත් විය.

බෙන්තොට ජාතික නිවාඩු නිකේතන වෙරළ ක්‍රීඩාංගණයේදී විදුලි ආලෝක මාධ්‍යයේ පැවැති තරගාවලියේ අවසන් මහා තරගයේදී සාගර පිල හමුවේ බෙන්තොට වරාහේන ක්‍රීඩා සමාජය තරග වට 2-1කින් පරාජයට පත්විය.

බෙන්තොට ප්‍රාදේශීය ලේකම් වසන්ත විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති තරගාවලියට බෙන්තොට ප්‍රදේශයේ වොලිබෝල් කණ්ඩායම් 16ක් සහභාගි විය.

තරගාවලියට එක්වූ සියලුම කණ්ඩායම් සඳහා වොලිබෝලයක් සමග දැලක් පිරිනැමුණු අතර, හොඳම ක්‍රීඩකයා ඇතුළු දක්ෂතම ක්‍රීඩකයන් පස් දෙනෙකුට මුදලින් ත්‍යාග පිරිනැමුණි.

තරගාවලියේ ත්‍යාග හා ජය සංකේත ප්‍රදානය දකුණු පළාත් සභා මන්ත්‍රී ජයසිරි නානායක්කාර, බෙන්තොට ප්‍රාදේශීය සභාවේ නියෝජ්‍ය සභාපති කසුන් රුවන්පුර සිල්වා, බෙන්තොට ප්‍රා. ලේකම් කාර්යාලයේ ග්‍රාම සේවා පරිපාලන නිලධාරී ඇම්. වසන්ත ලාල් මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගිත්වයෙන් පැවැත්විණි.

ඉඳුරුව සමූහ ඇම්. පී. මුනිදාස

Post Bottom Ad

Pages