ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය ඇරැඹේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-30

ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය ඇරැඹේ

එතෙක් මෙතෙක් වැඩිම ත්‍යාග මුදලක් පිරිනැමෙන 66 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය ඊයේ (29) කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ විය. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය මගින් මෙහෙයවනු ලබන මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ 66 වැනි වරටය.

තරග ඉසව් 30කින් සමන්විත මෙවර ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියට බාලක බාලිකා ඒකල හා යුගල අවුරුදු 13න් පහළ, 15න් පහළ, 17න් පහළ, 19න් පහළ. විවෘත කාන්තා හා පිරිමි ඒකල, යුගල, මිශ්‍ර යුගල, අවුරුදු 35න් ඉහළ, 40න් ඉහළ. 50න් ඉහළ හා අවුරුදු 55න් ඉහළ පිරිමි ඒකල, අවුරුදු 40න් ඉහළ කාන්තා ඒකල, කාන්තා හා පිරිමි ප්‍රවීණයන්ගේ මිශ්‍ර තරග, අවුරුදු 50න් ඉහළ හා 55න් ඉහළ මාස්ටර්ස් යුගල තරග ඉසව් ඇතුළත්ය.

ජාතික තලයේ සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වන 66 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියට සියළුම පළාත් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එක්වී සිටිති.

 

Post Bottom Ad

Pages