ප්‍රීමියර් ලීග් දෙවැනි පෙළ පාපන්දු ශූරතාව බේරුවල ග්‍රෙට් ස්ටාර් පිලට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-24

ප්‍රීමියර් ලීග් දෙවැනි පෙළ පාපන්දු ශූරතාව බේරුවල ග්‍රෙට් ස්ටාර් පිලට

යාපනය දොරේ අප්පා ක්‍රීඩාංගණයේ පැවැති ප්‍රීමියර් ලීග් දෙවැනි පෙළ පාපන්දු තරගාවලියේ ශූරතාව බේරුවල ග්‍රෙට් ස්ටාර් ක්‍රීඩා සමාජය දිනා ගත්තේය. විදුලි ආලෝක ධාරා මැද පැවැති මේ තරගය යාපනය සිංගින් ෆිෂ් ක්‍රීඩා සමාජය සමග පැවැති අතර තරගයේ පළමු භාගයේදී දෙපිලම ගෝල් වාර්තා කිරීමට සමත් නොවුණි.

තරගයේ 49වැනි මිනිත්තුවේදී ග්‍රෙට් ස්ටාර් පිල වෙනුවෙන් අවිශ්ක කවිදු හා 62වැනි මිනිත්තුවේදි මොහොමඩ් ෆයිනාස් ගෝල් වාර්තා කළ අතර යාපනය සිංගින් ෆිෂ් ක්‍රීඩා සමාජය වෙනුවෙන් 75වැනි මිනිත්තුවේදී විනෝෂන් කීතාන් ගෝලයක් ලැබීය.

මේ අවසන් තරගයේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානය ග්‍රේට් ස්ටාර් ක්‍රීඩා සමාජයේ ගෝල් රකින ක්‍රීඩක අජිත් කුමාර සම්මානයට පාත්‍රවිය.

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages