ප්‍රේක්ෂ­ක­යන්ගේ හා මාධ්‍යයේ සහය ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට අව­ශ්‍යයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-25

ප්‍රේක්ෂ­ක­යන්ගේ හා මාධ්‍යයේ සහය ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට අව­ශ්‍යයි

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

එංග­ල­න්තය සමග ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණයේ පැවැති අව­සන් එක්දින තර­ග­යට අවම ප්‍රේක්ෂක පිරි­සක් පැමිණ සිටි අතර ක්‍රීඩා­ගා­ර­වල අසුන් දහස් ගණ­නක් හිස්ව පැවැ­තුණි. 35000කට අසුන් ගතව හැකි ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණයේ පෙරේදා තර­ගය නැරැ­ඹී­මට 4000ක පමණ පිරි­සක් එක්ව සිටීම කිසි­වෙ­කුත් අපේක්ෂා නොකළ සිද්ධි­යකි. ලොව අංක එකේ එක්දින කණ්ඩා­යම වූ එංග­ල­න්තය සමග ක්‍රීඩා කරද්දී මෙවැනි තත්ත්ව­යක් ඇති­වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂ­ක­යින් ප්‍රති­ක්ෂේප කරන නිසා දැයි චන්දි­මා­ල්ගෙන් මාධ්‍ය­වේ­දි­යෙකු ප්‍රශ්න­කර සිටි­යේය.

“ ක්‍රීඩා ලෝලීන් පිරී ඉතිරී යනවා නම් ඒක අපට ධෛර්ය­යක්. එහෙම වුනාම සතු­ටින් ක්‍රීඩා කළ හැකියි. නිවාඩු දව­සක් නොවුණ නිසා වෙන්න ඇති අව­සන් එක්දින තර­ග­යට ප්‍රේක්ෂ­ක­යන් අඩු වුණේ. අපේ කණ්ඩා­ය­මට ප්‍රේක්ෂ­ක­ය­න්ගෙන් හා මාධ්‍ය­යෙන් උදව් අවශ්‍ය වෙලා­වක්. ඒ සහ­යෝ­ගය ලබා­දෙන ලෙස අප ඉල්ලා සිටි­නවා“ චන්දි­මාල් පැවැ­සීය. එංග­ලන්ත පිලේ ශ්‍රී ලංකා සංචා­ර­යේදී දිගින් දිග­ටම ලකුණු ලබා ගැනී­මේදී අසා­ර්ථ­කවූ කුසල් මෙන්ඩිස් කණ්ඩා­යමේ රදවා ගත්තේ ඔහු පන්දු රැකීමේ අති දක්ෂ­යෙක් නිසා බවද ශ්‍රී ලංකා ක්‍රිකට් නාය­කයා සඳ­හන් කළේය. කණ්ඩා­ය­මක් ලෙස තේරීම් කමි­ටුව ඔහු කෙරෙහි තැබූ විශ්වා­සය අව­සන් තර­ග­යේදී තහ­වුරු කිරීම සතු­ටක් බව චන්දි­මාල් පැවැ­සීය.

කොළඹ ආර්. ප්‍රේම­දාස ජාත්‍ය­න්තර ක්‍රීඩාං­ග­ණයේ විදුලි ආලෝක ධාරා මැද පැවැති තර­ග­යේදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ශ්‍රී ලංකා­වට ලකුණු 219ක දැවැන්ත ජයක් හිමිවූ අතර එක්දින තර­ගා­ව­ලියේ ඉනිම් 4කදී ලකුණු 5ක් ලබා අසා­ර්ථ­කව සිටි කුසල් මෙන්ඩිස් පන්දු 33කදී හයේ පහර 6ක් හා හතරේ පහ­රක් සමග යළි නැගී සිටි­මින් ලකුණු 56ක් ලබා වර්ණ­වත් ඉනි­මක් දියත් කළේය. නිරෝ­ෂන් දික්වැල්ල ලකුණු 95ක් ලබා තම 8වැනි ජාත්‍ය­න්තර එක්දින අර්ධ ශත­කය හා සධීර සම­ර­වි­ක්‍රම ලකුණු 54ක් ලබා මංගල එක්දින ජාත්‍ය­න්තර අර්ධ ශත­කය වාර්තා කළහ. නායක දිනේෂ් චන්දි­මාල් පන්දු 73කදී හයේ පහර දෙකක් හා හතරේ පහර 6ක් සමග ලකුණු 80ක් ලබා 22වැනි එක්දින අර්ධ ශත­කය සම්පූර්ණ කළේය.

මේ හේතු­වෙන් ශ්‍රී ලංකාව කඩුලු 6කට ලකුණු 366ක් එක්කළ අතර එංග­ල­න්ත­යට ලබා­ගත හැකි­වූයේ ඕවර් 26.1කදී කඩුලු 9ක් දැවී ලකුණු 132ක් පමණි. අධික වර්ෂාව හේතු­වෙන් අත්හි­ටවූ තර­ගය නැවැත ආරම්භ කිරී­මට නොහැකි වූයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායේ යටතේ ජය­ග්‍ර­හ­ණය තීර­ණය විය.

තර­ග­යෙන් අන­තු­රුව පැවැති මාධ්‍ය හමු­වේදී චන්දි­මාල් කුසල් මෙන්ඩිස් පිළි­බ­ඳව විශාල විශ්වා­ස­ය­කින් අද­හස් දැක්වීය. “ කුසල්ගේ පන්දු රැකීම අංක එකට තියෙ­නවා. ඔහු අපට අවශ්‍ය දේ කළා. ඕනෑම කෙනෙක් ජීවි­ත­යේදී උඩට හා පහ­ළට යනවා. ඒක සාමාන්‍ය දෙයක්. දැන් කුසල් හොද තත්ත්ව­යක ඉන්නවා. ඔහු ඉදි­රි­යේදී මේ තත්ත්වය රැක ගනීවි. ලෝක කුස­ලා­න­යට යන්න කලින් තරුණ ක්‍රීඩ­ක­යින්ට උප­රිම අව­ස්ථා­වක් දෙනවා. ලෝක කුස­ලා­නය අපේ එකම ඉල­ක්කය නිසා කවුද? හොද කියන එක හදුනා ගැනීම අව­ශ්‍යයි“

“ ඉදිරි පළමු ටෙස්ට් තර­ග­යේදී රංගන හේරත් ක්‍රීඩා­වෙන් සමු­ගැ­නීම රටක් හැටි­යට පම­ණක් නොවෙයි මට පෞද්ග­ලි­කව පාඩු­වක්. මා නාය­ක­ත්වය භාර­ගත් වේලාවේ රංගන හේරත් දුන් සහ­යෝ­ගය අම­තක කළ නොහැ­කියි. ටෙස්ට් කණ්ඩා­යම මේ තැනට ගේන්න ඔහු විශාල සේව­යක් කළා. මා ඔහුට සුබ පත­නවා. රංග­නට තව අවු­රුදු 5ක් ක්‍රීඩා කළ හැකි නම් ඒක තමයි මගේ ආසාව. නමුත් මා ඔහු සමග ඒ ගැන කතා කළා. ඔහු ශාරී­රික යෝග්‍ය­තාව උසස් ලෙස සල­ක­නවා“ ශ්‍රී ලංකා ක්‍රිකට් නාය­කයා පැවැ­සීය.

“ තර­ගා­ව­ලි­යක් ආරම්භ කරද්දී පළමු තර­ගය ජය ගන්නයි බලා­පො­රො­ත්තුව. ඒක කර­ගන්න බැරි වුණා. එක්දින තර­ගා­ව­ලිය ජය­ගෙන ටෙස්ට් තර­ගා­ව­ලි­යට ගියා­නම් ටිකක් මාන­සි­කව හොද තත්ත්ව­යක් එනවා. දැන් එක්දින තර­ගා­ව­ලිය පරා­ජ­යවී තිබෙන්නේ. අව­සන් තර­ගය හොදින් ජය ගැනීම විස්සයි 20 හා ටෙස්ට් තර­ග­ව­ලට හොද දෙයක් ලෙස අප සල­ක­නවා“ දිනේෂ් චන්දි­මාල් පැවැ­සීය.

එංග­ලන්ත සංචා­රයේ එකම විස්සයි 20 තර­ගය මේ 27වැනි සෙන­සු­රාදා ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැ­ත්වෙන අතර තරග 3කින් සම­න්විත ටෙස්ට් තර­ගා­ව­ලිය නොවැ­ම්බර් 6වැනිදා ගාල්ල ජාත්‍ය­න්තර ක්‍රීඩාං­ග­ණ­යේදී ආරම්භ වේ.

Post Bottom Ad

Pages