ජීවන් මෙන්ඩිස් දකුණු අප්‍රිකාවට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-30

ජීවන් මෙන්ඩිස් දකුණු අප්‍රිකාවට

ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සිටි සෑම අංශයකින්ම දස්කම් දක්වන ක්‍රිකට් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් දකුණු අප්‍රිකාවේ පළමු පෙළ විස්සයි 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ තස්වෝන් ස්පාටන්ස් පිලට තෝරා ගැනෙයි. මෙම තරගාවලිය වෙනුවෙන් ජීවන් මෙන්ඩිස් ලබන මස 10වැනිදා දකුණු අප්‍රිකාව බලා පිටත්වන අතර ලබන 16වැනිදා තරගාවලිය ආරම්භ වෙයි.

ජීවන් මෙන්ඩිස් මාසයකට ආසන්න කාලයක් පැවැත්වෙන මෙම තරගාවලියට ක්‍රීඩා කිරීම උදෙසා ඇමෙරිකානු ඩොලර් 52600ක ගිවිසුමකට අස්සන් කොට ඇත. ජීවන් සමග ඒංගලන්ත එක්දින ක්‍රිකට් නායක ඔයින් මෝගන්, ජේසන් රෝයී, ඔස්ට්‍රේලියාවේ ඩෑන් ක්‍රිස්ටියන්, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල්, ඩෙවන් බ්‍රාවෝ, සැමුවෙල් බැඩ්ඩ්‍රී ඇතුලු දක්ෂතම ක්‍රීඩකයින් පිරිසක් මෙම තරගාවලියට එක්වෙති. එමෙන්ම ඇෆ්ගනිස්තානයෙන් විදෙස් තරගාවලියකට එක්වන පළමු ක්‍රීඩකයා ලෙස පා දඟ පන්දු යවන රෂීඩ් ඛාන් ඩර්බන් හීට් පිලට තෝරාගෙන ඇත.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම තරගාවලියට තෝරාගත් එකම ක්‍රීඩකයා ජීවන් මෙන්ඩිස් වන අතර ඔහු එක්දින ජාත්‍යන්තර තරග 54කට හා විස්සයි 20 තරග 22කට ක්‍රීඩා කළ අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකි.

Post Bottom Ad

Pages