යොෂිඩා විදුහලේ තරුලි ලෝක කනිෂ්ට චෙස් තරග බිමට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-26

යොෂිඩා විදුහලේ තරුලි ලෝක කනිෂ්ට චෙස් තරග බිමට

ස්පාඤ්ඤයේ දී ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ලෝක කණිෂ්ඨ චෙස් ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සපුගස්කන්ද යොෂීඩා විද්‍යාලයේ තරුලි විහස්නා රංගනාත් සහභාගී වන්නීය.

ලෝක චෙස් සම්මේලනය වාර්ෂිකව සංවිධාන කරන මෙම තරගාවලියේ අවුරුදු 10න් පහළ කාණ්ඩයේ තරග අංශයට සහභාගී වන තරුලි 2017 වසරේ දී අවුරුදු 10න් පහළ කාන්තා සමස්ත ලංකා ශූරතාව දිනා දිනාගත් ක්‍රීඩිකාව වේ. පසුගියදා තායිලන්තයේ පැවති 14 වැනි ආසියානු කණිෂ්ඨ චෙස් තරගාවලියේ දී රටවල් 51 අතරින් අවුරුදු 10න් පහළ කාන්තා අංශයේ තරගයට එක්වූ ඇය සිය කණ්ඩායම සමග රිදී හා ලෝකඩ පදක්කම් දිනා ගත්තාය.

පාසලේ පළමු වසරේ සිට චෙස් ක්‍රීඩාවට යොමු වූ තරුලි මේ වනවිට දෙස් විදෙස් තරග 50කට වැඩි ප්‍රමාණයක් ජය ගෙන තිබේ. නවගමුවේ ෂෙන්ස කවිෂ්ක මහතාගේ උපදේශකත්වය යටතේ චෙස් ක්‍රීඩාව ප්‍රගුණ කරන මේ පුංචි චෙස් ශූරිය කියා සිටියේ ලෝක ශූරතාවලියේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රවුඩා උස්බෙකිස්ථානයයේ අෂ්කූෂා, කසකස්ථානයේ සෙරීන් සහ ඩෙනීෂා වැනි ප්‍රබල තරගකාරිනියන් සමග තරග වැදීමට නියමිත බවය.

Post Bottom Ad

Pages