05 වැනිදාට කොළඹට ජන ගඟක්? - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-03

05 වැනිදාට කොළඹට ජන ගඟක්?

Mahindananda

මහින්ද රාජපක්ෂ ගේ ආණ්ඩුවට සහය පළකිරීම සඳහා එළඹෙන 05 වැනිදාට කොළඹට ජන ගඟක් පැමිණෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ  පවසයි.  ඊයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ප්‍රාදේශීය සභා, පළාත්සභා නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මේ වෙනුවෙන් දැනටමත් සූදානම් බවත් මන්ත්‍රීවරයා සඳහන් කර සිටී.

ව්‍යවස්ථා විරෝධීව අරලියගහ මන්දිරයේ රැඳී සිටින රනිල් වික්‍රමසිංහට ඉන් ඉවත් වන ලෙසද එදින ජනතාව බල කරනු ඇතැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

The post 05 වැනිදාට කොළඹට ජන ගඟක්? appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages