ඉන්දියාව 1-1 කරයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-26

ඉන්දියාව 1-1 කරයි

ඔස්ට්‍රේලියාව සමගින් සිඩ්නිහිදි ඊයේ පැවැති තෙවැනි විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 6ක ජයක් අත්කර ගැනීමට සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

මේ සමගින් තරග 3කින් සමන්විත තරගාවලිය 1-1ක් ලෙස සමව නිමා කර ගැනීමට සංචාරකයන්ට හැකිවිය.

තරගාවලියේ පළමු තරගයෙන් ඔස්ට්‍රේලියාව ජයගත් අතර දෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව නිමාවට පත්විය.

තෙවැනි තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහර දෙමින් රැස්කළ ලකුණු 164ක ඉලක්කය හඹාගිය ඉන්දීය පිල පන්දු 2ක් ඉතිරිව තිබියදී ජය හිමිකර ගත්තේ කඩුලු 4ක් පමණක් අහිමිකර ගනිමිනි.

ඉන්දීය පිල ජයග්‍රහණය කරා ගෙන ගිය නායක විරාට් කෝලි නොදැවී ලකුණු 61ක් රැස් කළේ පන්දු 41කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමගිනි. ශිකර් ධවාන් පන්දු 22කින් වේගවත් ලකුණු 41ක් රැස් කළේය.

විරාට් කෝලි ලෝකේෂ් රාහුල් සමගින් තෙවැනි කඩුල්ලට ලකුණු 41ක්ද, දිනේෂ් කාර්තික් සමගින් 5 වැනි කඩුල්ලට ලකුණු 60 නොබිඳුණු සබඳතාවක්ද ගොඩනැගීය. රාහුල් ලකුණු 14කට දැවී ගිය අතර කාර්තික් ලකුණු 22ක් ඉනිමට එක් කළේය.

ඩි‘ආකි ෂෝර්ට් ලකුණු 33ක් රැස්කරමින් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය.

පන්දු යැවීමේදී කෘනාල් පාණ්ඩ්‍යා කඩුලු 4ක් දවාගත් අතර ඔහු තරගයේ වීරයා ලෙසද නම් කෙරිණි. තරගාවලියේ වීරයා සම්මානය ශිකර් ධවාන්ට හිමිවිය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages