කනිෂ්ඨ කරාතේ 13න් පහළ ශූරයෝ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-05

කනිෂ්ඨ කරාතේ 13න් පහළ ශූරයෝ

ශ්‍රී ලංකා ජාතික කරාතේ ශුරතාවලියේ අවුරුදු 13 න් පහළ කනිෂ්ඨ තරගාවලියේ කාතා අංශයේ පළමු, දෙවැනි හා තුන්වැනි ස්ථාන 3ම අත්කර ගැනීමට රඹුක්කන වයි.එම්.සී.ඒ.ක්‍රීඩකයෝ සමත්වූහ. බණ්ඩාරගම ගෘහස්ත ක්‍රීඩාංගණයේ පසුගියදා 43 වැනි වරටත් පැවැති මේ තරගාවලියේ ප්‍රථම ස්ථානය තරුන් නයනක කුරුකුලසූරිය,දෙවැනි ස්ථානය අවිශ්ක වික්‍රමරත්න හා තුන්වැනි ස්ථානය ළහිරු සඳරුවන් පෙරේරා දිනාගත්හ.

ජාත්‍යන්තර ගොජුකායි කරාතේ සංගමයේ ප්‍රධාන උපදේශක එච්.එම්.සිසිර කුමාර මහතාගේ උපදේශකත්වයෙන් කරාතේ උපදේශක ලක්ෂ්මන් දිනුවර මහතා යටතේ මේ ක්‍රීඩකයෝ පුහුණුව ලබති.

රඹුක්කන විශේෂ
ඡායාරූපය-රඹුක්කන විශේෂ 

Post Bottom Ad

Pages