සුපිරි 16 පාපන්දු ශූරතාව කොළඹ සහිරා විදුහලට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-07

සුපිරි 16 පාපන්දු ශූරතාව කොළඹ සහිරා විදුහලට

ගම්පොළ සහිරා විදුහල් පිලට එරෙහිව ගෝල 2-1ක ජයක් වාර්තා කළ කොළඹ සහිරා විදුහල් පිල සුපර්16 සත් සාමාජික පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත්විය. කොළඹ සහිරා විදුහල් ආදි ශිෂ්‍ය නායකයන්ගේ සංගමය 14 වැනි වරටත් මෙහෙයවූ මේ තරගාවලියට පාපන්දු ක්‍රීඩාවෙන් මෙරට ප්‍රමුඛතම පාසල් කණ්ඩායම් 16ක් ක්‍රීඩා කළ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ හා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ අනුමැතිය යටතේ කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්විණි.

තරගාවලියේ පළඟ ශූරතාව දිනාගනු ලැබුවේ කොළඹ සාන්ත ජෝශප් විදුහල් පිල විසිනි. බඳුන ශූරතාව කොළඹ රාජකීය විදුහලට හිමිවිය.කොළඹ සහිරා විදුහල් පිලේ මොහොමඩ් ශාකීර් තරගාවලියේ දක්ෂතම දැල් රකින්නාට හිමි (ගෝල්ඩන් ග්ලව්) සම්මානය දිනාගත් අතර රන් සපත්තුව සම්මානය (ගෝල්ඩන් බූට්) දිනාගනු ලැබුවේ යාපනය, මනිපායි හින්දු විදුහලේ තිලෙයිකාන්තන් විසිනි. ජයග්‍රාහී සහිරා විදුහල් පිලේ නායක ආකිබ් ෆයිසාල් තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේය.

තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහක කූල් ප්ලැන්ට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී රිස්වි තාහා ඇතුළු ආරාධිතයන් අතින් ත්‍යාග ප්‍රදානය සිදුකෙරිණි.

කොළඹ සහිරා විදුහල්පති ට්‍රිස්වි මරික්කාර්, ආදි ශිෂ්‍ය නායකයන්ගේ සංගමයේ සභාපති ෂමීක් සම්සුදීන්, එහි ලේකම් රස්මි රෆීක්, ව්‍යාපෘති සභාපති අෆ්සාර් අර්හාම් මහත්වරු සමග එම සංගමයේ සාමාජිකයෝ රැසක් මේ අවස්ථාවට එක්වූහ.

රුසෙයික් ෆාරුක්

Post Bottom Ad

Pages