බංග්ලාදේශය ලකුණු 64කින් කොදෙව්වන් පරදවයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-26

බංග්ලාදේශය ලකුණු 64කින් කොදෙව්වන් පරදවයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග චිතගොන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 64ක ජයක් හිමිකර ගැනීමට සත්කාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

මේ සමගින් තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරකයන්ට හැකිවිය.

තරගයේ තෙවැනි දිනයේ දිවා විවේකයට ඕවර 6ක් තිබියදී ලකුණු 204ක ජයග්‍රාහී ඉලක්කය හඹායෑම ඇරැඹු කොදෙව් පිලට සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 139ක් පමණි.

දිවා විවේකයට තරගය නතර කරනවිට කොදෙව් මුල් පෙළ පිතිකරුවන් සිවුදෙනකු ලකුණු 11ක් තුළ යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට බංග්ලදේශ පන්දු යවන්නෝ සමත් වූහ.

සුනිල් ඇම්බ්‍රිස් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමේ සටනක නිරතවුවද එය අසාර්ථක විය. ඔහු ශිමරන් හෙට්මයර් සමග පස්වැනි කඩුල්ලට ලකුණු 33ක් එක්කළ අතර 9 වැනි කඩුල්ලට ජෙමෙල් වොරිකන් සමගින් ලකුණු 63ක සබඳතාවක්ද පිහිටුවීය.

හෙට්මයර් ලකුණු 27කට දැවී ගිය අතර වොරිකන් පන්දු 55කදී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 41ක් රැස් කළේය.

මිනිත්තු 130ක් පිටියේ රැදෙමින් පන්දු 62කදී හතරේ පහර 4ක් සමගින් ලකුණු 43ක් රැස්කළ ඇම්බ්‍රිස් දැවී යෑමත් සමග කොදෙව් ඉනිම නිමාවට පත්විය.

දක්ෂ පන්දු යැවීමක නිතරවූ තයිජුල් ඉස්ලාම් ලකුණු 33කට කඩුලු 6ක් බිඳ දැමූ අතර මෙහෙදි හසන් සහ සකීබ් අල් හසන් කඩුලු 2 බැගින් දවා ගත්හ.

බංග්ලාදේශ පළමු ඉනිමේදී ලකුණු 120ක් රැස්කළ මොමිනුල් හක් තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages