දේවපතිරාජයේ සුදීර-ජීවකගෙන් ද්විත්ව ශතක සබඳතාවක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-05

දේවපතිරාජයේ සුදීර-ජීවකගෙන් ද්විත්ව ශතක සබඳතාවක්

Author(s): 
නිරෝෂාන් ප්‍රියංකර

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධාන කරන සිංගර් කුසලාන අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී විශිෂ්ට ද්විත්ව ශතක සබඳතාවක් පිහිටුවීමට රත්ගම දේවපතිරාජ විදුහලේ සුදීර වීරරත්න සහ ජීවක ශෂීන් සමත් වුහ.

මාතර රාහුල විදුහල සමග උයන්වත්ත ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගය ජය පරාජයෙන් තොරව නිමාවිය.

කාසියේ වාසිය දිනාගත් දේවපතිරාජ පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදෙමින් රාහුල විදුහල කඩුලු 9ක් දැවී ලකුණු 230ක් ලබාසිටියදී ඉනිම අත්හිටුවීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දේවපතිරාජ පිල තරගය නතර කරනවිට කඩුලු 3ක් දැවී ලකුණු 307ක් රැස්කර තිබිණි. විශිෂ්ට ඉනිමක් දියත් කළ සුදීර වීරරත්න ලකුණු 133ක්ද ජීවක ශෂින් නොදැවී ලකුණු 124ක්ද රැස්කළ අතර දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට ගොඩනැගු සබඳතාව ලකුණු 252කි.

රාහුල විදුහල් පළමු ඉනිම - 230/9 (ඕවර 81.5) සහන් බණ්ඩාර 59 (පැතුම් මදුසංක 51/3, සුදීර වීරරත්න 17/2, ඉරුෂ්ක තිමිර 46/2)

දේවපතිරාජ පළමු ඉනිම - 307/3 (ඕවර 75.5) සුදීර වීරරත්න 133, ජීවක ශෂින් නොදැවී 124

කළණගේ දෙවැනි ද්විත්ව ශතකය

අන්තර් පාසල් තරගාවලියේ සිය දෙවැනි ද්විත්ව ශතකය වාර්තා කිරීමට අවිස්සාවේල්ල සීතාවක ජාතික පාසල් කණ්ඩායමේ නායක කළණ මධුසංක සමත් විය.

යාපනයේ පැවැති තරගයේදී යාපනය හින්දු විද්‍යාලයට එරෙහිව කළණ මේ ද්විත්ව ශතකය වාර්තා කළ අතර එම තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

කළණගේ ද්විත්ව ශතකය සමගින් තරගයේ පළමුව පන්දුවට පහරදුන් සීතාවක විදුහල ලකුණු 336ක් රැස් කළේය. හින්දු විදුහල් පළමු ඉනිම ලකුණු 163කට සීමාවූ අතර සීතාවක පිල දෙවැනි ඉනිමේදී කඩුලු 5කට ලකුණු 84ක් ලබාසිටියදී ඉනිම අත්හිටුවීය.

තරගය නතර කරනවිට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන හින්දු විදුහල කඩුලු 6ක් දැවී ලකුණු 192ක් රැස්කර තිබිණි.

පන්දු 225කින් ගොඩනැගුණු කළණගේ ඉනිම හතරේ පහර 27කින් සහ හයේ පහර 7කින් වර්ණවත් විය. තුන් ඉරියව් දස්කම් දැක්වූ ඔහු පන්දු යැවීමේදී කඩුලු 9ක් (26/5 සහ 25/4) දවා ගැනීමටද සමත් විය.

බණ්ඩාරවෙල මධ්‍ය මහ විදුහලට එරෙහිව පළමු ද්විත්ව ශතකය වාර්තා කළ කළණ, රම්බොඩැල්ල ශ්‍රී පඤ්ඤානන්ද විදුහලට එරෙහිව ලකුණු 143ක් වාර්තා කළේය. මේ වනවිට තරග 5කට සහභාගිවූ ඔහු රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 600කි.

සීතාවක වි. පළමු ඉනිම - 366/8 (ඕවර 79.3) කළණ මධුසංක 209, බුද්ධි මධුෂාන් 76, එම්. දිළුක්ෂාන් 46 (එන්. ඉයංගරන් 24/2, එම්. කාජන් 48/2, එස්. අන්කාවන් 4/2, එම්. කෝබරම් 98/2) සහ දෙවැනි ඉනිම - 84/5 (ඕවර 24.2)

හින්දු වි. පළමු ඉනිම - 163 (ඕවර 15) කේ. කෝමන්තන් 89, එස්. අංකවන් 32 (කළණ මධුසංක 26/5, එම්. දිළුක්ෂාන් 26/2, බුද්ධි මධුෂාන් 45/2) සහ දෙවැනි ඉනිම - 192/6 (ඕවර 46) එන්. මදුමිලන් 52, එස්. දිරුම්තවන් 41 (කළණ මධුසංක 25/4)

චමත් යටවර කඩුලු 10යි

පළමු කොටසේ තරගාවලියේ කෝට්ටේ ජනාධිපති විදුහල සමග මත්තේගොඩ පැවැති තරගයේදී කඩුලු 10ක් බිඳ හෙළීමට ඩී.එස්.සේනානායක විදුහලේ චමත් යටවර සමත් විය.

ඩී.එස්. පිල පළමු ඉනිමේ ජය හිමිකරගත් මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ජනාධිපති විදුහල ලකුණු 120කට සීමාකළ ඩී.එස් ක්‍රීඩකයෝ පළමු ඉනිම සඳහා ලකුණු 209ක් රැස් කළහ.

ජනාධිපති වි. පළමු ඉනිම - 120 (ඕවර 37.1) ඉරංග හෂාන් 44 (චමත් යටවර 30/7, මුදිත ලක්ෂාන් 14/2) සහ දෙවැනි ඉනිම - 115/4 (ඕවර 36) තෂික නිර්මාල් 43, ඉරංග හෂාන් නොදැවී 43 (චමත් යටවර 29/3)

ඩී.එස්. පළමු ඉනිම - 209 (ඕවර 43.1) අමිත දාබරේ 64, පසිඳු ආදිත්‍ය 42 (තෂික නිර්මාල් 53/4, දිනෙත් නෙලුම්දෙණිය 41/3)

 

Post Bottom Ad

Pages