සෝන්ඩර්ස් යුද හමුදාව එෆ්. ඒ. අවසන් ගැටුමට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-26

සෝන්ඩර්ස් යුද හමුදාව එෆ්. ඒ. අවසන් ගැටුමට

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන වැන්ටේජ් එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයේදී යුද හමුදා පිල ගෝල් 1-0කින් පොලිස් ක්‍රීඩා සමාජය පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර දෙවැනි අවසන් පූර්ව තරගයේදී සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය ගොල් 2-0කින් කොළඹ පාපන්දු සමාජය පරදවා අවසන් ගැටුමට පිවිසියේය.

අවසන් මහා තරගයට සුදුස්සන් තෝරා ගන්නා තීරණාත්මක අවසන් පූර්ව වටයේ තරග තරග දෙක ඊයේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ඊයේ විදුලි ආලෝක ධාරා මැද පැවැත්වුණි.

යුද හමුදාව හා පොලිස් ක්‍රීඩා සමාජය අතර තරගයේදී යුද හමුදාවට ‘ඕන් ගෝල්’ ජයක් හිමිවීම කැපී පෙණුනි. පොලිස් පිලේ ධනූෂ පෙරේරා 28වැනි මිනිත්තුවේදී එල්ල කළ පහරකින් මෙම ‘ඕන් ගෝලය’ වාර්තා විය. පොලිස් පිලේ සී. කුමාර හා ඒ. සිරිවර්ධන, යුද හමුදාවේ ආර්. ජේ. බර්නාඩ්ස් හා වයි. සී. ජයතුංග කහ කාඩ්පත් අවවාද ලැබූහ.

සෝන්ඩර්ස් හා කොළඹ පාපන්දු සමාජය අතර තරගයේ පළමු භාගයේදී දෙලපිලම ගෝල් වාර්තා නොකළ අතර 71වැනි මිනිත්තුවේදී එස්. නිරේෂ් හා තරගය නිමාවීමට මිනිත්තු 3ක් තිබියදී කසුන් ජයසූරිය සෝන්ඩර්ස් පිල වෙනුවෙන් ගෝල් වාර්තා කරමින් ජය තහවුරු කළේය. කොළඹ පාපන්දු සමාජයේ චන්න චමීර හා සෝන්ඩර්ස් පිලේ කසුන් ජයසූරිය කහ කාඩ්පත් අවවාද ලැබූහ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages