ශර්මාගේ ශතකයෙන් ඉන්දියාවට ජය - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-08

ශර්මාගේ ශතකයෙන් ඉන්දියාවට ජය

නායකත්වයේ ඉනිමක් දියත් කරමින් රෝහිත් ශර්මා රැස්කළ විශිෂ්ට ශතකය හේතුවෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සමග පැවැති දෙවැනි විස්සයි තරගයෙන් ලකුණු 71ක ජයක් අත්කර ගැනීමට සත්කාරක ඉන්දියාව සමත් විය.

මේ සමගින් තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීය 2-0කින් ජය ගැනීමට ඉන්දියාවට හැකිවිය.

ලක්නව් හිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 2ක් දැවී ලකුණු 195ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය කොදෙව් පිලට ඕවර 20 අවසානයෙ කඩුලු 9ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 124ක් පමණි.

පන්දු 18කදී හතරේ පහර 4ක් සමගින් ලකුණු 23ක් රැස්කළ ඩැරන් බ්‍රාවෝ කොදෙව් පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. පන්දු යැවීමේදී බුවනේෂ්වර් කුමාර්, ජස්ප්‍රිට් බුම්රා, කාලීඩ් අහමඩ් සහ කුල්දීප් යාදව් කඩුලු 2 බැගින් දවා ගත්හ.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන් නායක රෝහිත් ශර්මා විස්සයි20 ජාත්‍යන්තර සිය සිවුවැනි ශතකය ලෙස නොදැවී ලකුණු 111ක් රැස් කළේය.

හතරේ පහර 8කින් සහ හයේ පහර 7කින් ඉනිම වර්ණවත් කරගත් ඔහු වැය කළේ පන්දු 61ක් පමණි. පළමු කඩුල්ලට ශිකර් ධවාන් සමගින් ලකුණු 123ක් එක්කළ ශර්මා ලෝකේෂ් රාහුල් සමග තෙවැනි කඩුල්ලට ලකුණු 62ක නොබිදුණු සබඳතාවක් ගොඩනැගීය.

Post Bottom Ad

Pages