චීන ජනපති ෂී ජින් පිං දකුණු කොරියා ජනපති මුන් ජේ ඉන් හමුවෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-20

චීන ජනපති ෂී ජින් පිං දකුණු කොරියා ජනපති මුන් ජේ ඉන් හමුවෙයි

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මොරෙස්බි වරාය නගරයේ දී දකුණු කොරියානු ජනාධිපති මුන් ජේ ඉන් මහතා හමු විය.

ගෙවී ගිය වසරේ, දෙරට නායක දෙපළ එලඹුණු එකඟතාවන් ඵලදායි ලෙස ක්‍රියාවට නංවා ඇතැයි ෂී ජින් පිං පෙන්වා දුන්නේය. දෙරට සබඳතාව ස්ථාවරත්වයකින් යහපත් වෙමින් ඉදිරියට යමින් පවතින බව ඔහු පැවසීය.

චීනය හා දකුණු කොරියාව ද්වීපාර්ශවික ක්‍රමෝපායීය සහයෝගතා හවුල්කාරී සබඳතාව නොකඩවාම පුළුල් කරමින් කලාපීය සදාකාලික සාමය හා සමෘද්ධිය සාක්ෂාත් කර ගැනීම සඳහා දායක විය යුතු බව ද අවධාරණය කළේය.

චීන පළමු ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය සාර්ථකව පැවැත්වීම සම්බන්ධයෙන් සුබ පැතුම් පිරිනැමු දකුණු කොරියානු ජනාධිපතිවරයා වේගයෙන් පුනරුත්ථාපනය වෙමින් පවතින දෙරට සබඳතාව අගය කළේය. විවිධ ක්ෂේත්‍රවල පවතින හුවමාරු හා සහයෝගීතාව කැපී පෙනෙන සේ ඉහළ නංවමින් පවතින බව හෙතෙම පැවසීය. සහ‍යෝගතා පුළුල් කිරීමට චීනය එක්ව පොදුවේ වෑයම් කිරීමට දකුණු කොරියාව කැමැත්තෙන් පසු වන බව ද අවධාරණය කළේය.

Post Bottom Ad

Pages