හඬ පටය ඇසීමට ට්‍රම්ප් බැහැ කියයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-20

හඬ පටය ඇසීමට ට්‍රම්ප් බැහැ කියයි

මාධ්‍යවේදී ජමාල් කශොග්ජිගේ ඝාතන සිද්ධිය පටිගත වී ඇති හඬ පටය ඇසීම ඉතා අපහසු කාර්යක් බව පවසමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම හඬ පටය ඇසීම ප්‍රතික්ෂේප කර ඇත.

සී.අයි.ඒ. ප්‍රධානි ජීනා හැස්පල් ද පසුගිය දා තුර්කියට ගොස් තුර්කි පරීක්ෂකයන් හමුවී ඝාතනය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත් වූ අතර සෞදියේ මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ නියෝගයකට අනුව මෙම ඝාතනය සිදු වී ඇති බව සී. අයි. ඒ අනාවරණය කළේය. ජීනා හැන්සල් ප්‍රකාශ කළේ කෂෝගී ඝාතනය කවුරුන් ගේ උපදෙස් මත සිදු වූයේ ද යන්න මෙන්ම සිරුර අතුරුදන් කළ ආකාරය පිළිබඳ ද සියලු විස්තර තමන් සතු බවයි.

ගෙවී ගිය ඔක්තෝබර් දෙවැනි දා තූර්කියේ ඉස්තානාබුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයට ගිය කෂෝගි නැවත නොපැමිණි අතර ඒ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවල දී අනාවරණය වූයේ සල්මාන් කුමරුගේ අනු දැනුම මත ඔහු ඝාතනයට ලක් වු බවයි. එහෙත් මෙම චෝදනාව සල්මාන් කුමරු තරයේ ප්‍රතික්ෂේප කර ඇත. මේ අතර කෂෝගි සිහිපත් කරමින් විශේෂ ‘සාලාත් අල් ඝාබී’ අවමංගල සැමරුම් ලොව පුරා පැවැත්වුණ බව වාර්තා වේ.

Post Bottom Ad

Pages