කාසියේ වාසිය එංගලන්තයට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-06

කාසියේ වාසිය එංගලන්තයට

 සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (06) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි ආරම්භ වන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනිමට එංගලන්ත කණ්ඩායම සමත් විය.
 
ඒ අනුව පළමු පන්දුවට පහරදීමට එංගලන්ත කණ්ඩායම තීරණය කළේය.
 
අද තරගය ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත්ගේ අවසන් ජත්‍යන්තර ටෙස්ට් තරඟය වීමද විශේෂත්වයකි.
 
රංගන හේරත්ට අමතරව දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රි ලංකා කණ්ඩායමේ 11 දෙනා අතරට කෞෂාල් සිල්වා, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, දිල්රුවන් පෙරේරා, අකිල ධනංජය සහ සුරංග ලක්මාල් ඇතුලත් වේ.

Post Bottom Ad

Pages