ජාතික බොක්සිං ශූරතාවලිය ඇරැඹේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-22

ජාතික බොක්සිං ශූරතාවලිය ඇරැඹේ

ශ්‍රී ලංකා බොක්සිං සංගමය මෙහෙයවනු ලබන 93 වැනි ජාතික බොක්සිං ශූරතාවලිය කොළඹ රාජකීය විදුහලේ මාස් රෝයල් අරීනා බොක්සිං වළල්ලේදි ආරම්භ විය.

අවුරුදු 19- 40අතර වයස් කාණ්ඩයේ විශිෂ්ටතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වදින ජාතික බොක්සිං ශූරතාවලිය මෙරට වාර්ෂික බොක්සිං වළල්ලේ ප්‍රධානතම තරගාවලියයි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියයකට අධික සංඛ්‍යාවක් තරග වදින ජාතික බොක්සිං ශූරතාවලියට කාන්තා හා පිරිමි දෙඅංශයෙන් බර පන්ති 10ක් බැගින් තරග පැවැත්වෙයි.

ජාතික බොක්සිං ශූරතාවලියේ දෙවැනි දිනය වූ ඊයේ පැවැති මූලික වටයේ තරගයකදී ශ්‍රී ලංකා යුද හමුදාවේ ආර්.ඩබ්.එම්.එස්.බී.රාජකරුණා (රතු) සහ පොලිස් ක්‍රීඩා සමාජයේ ඩබ්.ඩී.ඩී.වීරසිංහ කිලෝග්‍රෑම් 64 බර පන්තියෙන් තරග වැදුණු අයුරු (ඉහළ) අසහ ගුවන් හමුදාවේ පී.ජී.ඊ. මධුෂාන් (නිල්) සහ ප්‍රසංග ඩිල්ෂාන් කිලෝග්‍රෑම් 52 බර පන්තියෙන් තරග වැදුණු අවස්ථාව.

ඡායාරූප - සුලෝචන ගමගේ

No comments:

Post a Comment

Post Bottom Ad

Pages